
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
චේතනාන්විතව බොරු කිව්වා යැයි කියා නෙත් එෆ්.එම් මාධ්‍යවේදීන් සිව්දෙනකු වරප්‍රසාද කමිටුවට කැඳවා ඇතැයි ද මෙවැනි මාධ්‍ය නිදහස අහුරන ක්‍රියාවලට පෙලඹෙන්න එපා යැයි ඉල්ලා සිටින බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
තමාට කොතරම් මඩ ගසා තිබෙනවා දැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා මෙවැනි පිළිවෙතක් අනුගමනය කරනවා නම් කීදෙනෙක් වරප්‍රසාද කමිටුවට ගෙන්වන්නට ඕනෑ දැයි විමසීය.
කතානායකවරයා හෝ මැදිහත් වී මාධ්‍ය නිදහස අහුරන ක්‍රියා නතර කළ යුතුව ඇති බවද විපක්ෂනායකවරයා කීය.
එම අවස්ථාවේ මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පැවසූයේ වරප්‍රසාද කමිටුව යනු නරක තැනක් නොවන බවත් සාකච්ඡා කොට කරුණු විසඳාගත හැකි බවත් ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවට කෑගහන්න එපා ගොයියො. කෑගහලා ඕගොල්ලෝ මොන පනතද නැවැත්තුවේ?