විස්මිත අබිරහස් වස්තුවක් ක්ෂීරපථයේ අප සෞරග්‍රහ මණ්ඩලය අයත් මන්දාකිණියෙන්, විස්මිත අබිරහස් වස්තුවක් හමුවුණු බවත්, එම වස්තුව සෑම මිනිත්තු 44 කට වරක්ම එක්ස් කිරණ සහ රේඩියෝ තරංග එකවර නිකුත් කරන බවත් තාරකා විද්‍යාඥයෝ පවසති. 31 May 2025
ඉන්දියාවෙන් ලැබූ දැනුම ගොඩක් වටිනවා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය සංවිධානය කළ, ඉන්දීය සංස්කෘතික සම්බන්ධතා කවුන්සිලයේ 75 වැනි ස්ථාපිත දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් හෝටලයේදී පැවැත්විණී. 31 May 2025
ලංකා සෞඛ්‍ය නංවන්න රුසියා සහය ශ්‍රී ලංකාවේ රුසියා තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 31 May 2025
ජනපති ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් 20 වෙනි වරටත් සංවිධානය කරන ලද “Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය” නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) එක් විය. 31 May 2025
රටට පදක්කම් ගෙනා ශූරයෝ ක්‍රීඩා අමාත්‍යාංශයට ASBC ආසියානු අවුරුදු 22 න් පහල බොක්සිං ශූරතාවලිය සහ යොවුන් බොක්සිං ශූරතාවලියෙහි රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 18 ක් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්විය. 31 May 2025
ඇතිමලේ සීනි සමාගමත් දුක කියයි දේශීය දුඹුරැ සීනි අලෙවි කර ගැනීමේ ගැටලුව විසදීම සදහා රජය කඩිනමින් මැදිහත් නොවුනහොත් ඇතිමලේ වැවිලි සමාගමට අයත් සියඹලාන්ඩුව ඇතිමලේ සීනි කර්මාන්ත ආයතනය වැසීයා හැකි බව එහි විධායක නිළධාරි ගාමිණි රත්නායක මහතා පවසයි. 31 May 2025
අංක තහඩු නෑ: වාහන ලක්ෂ දෙකක් ගොඩගැහිලා වාහන සඳහා අංක තහඩු මුද්‍රණය මාසයක කාලයක් අඩාළවීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලක්ෂ දෙකකට අධික වාහන ලැයිස්තුවක් ගොඩගැසී වාර්තාවේ. 31 May 2025
පුංචි සභා නාම ලේඛන ගැසට්ටුව අද පිටවෙයි පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ සභිකයින්ගේ නම් සඳහන් ගැසට් නිවේදනය මැතිවරණ කොම්ෂන් සභාව විසින් අද( 31) ප්‍රකාශයට පත් කෙරේ. 31 May 2025
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්වයට ගලබඩ හා වටවල අතර දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම නිසා බාධා මතුව තිබූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අද අළුයම සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි. 31 May 2025
රඹෑව වැවේ නාන්න ගිය 10හැවිරිදි සිසුවා ගිලී මරුට මොරගොඩ, පණ්ඩිත රඹෑව වැවේ දිය නෑමට ගිය සිසුවෙකු ඊයේ (30) සවස දියේ ගිලීම හේතුවෙන් මරදන් කඩවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව මොරගොඩ පොලිසිය පවසයි. 31 May 2025
පළාත් කිපයකට වැස්ස සමග තද සුළං බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 31 May 2025
හොරා කෑ තව බලකණු විස්සක් කූඩුවට හිටපු ඇමතිවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ඥාතීන් විස්සකට ආසන්න පිරිසක් ඉදිරි දිනවල අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ. 31 May 2025
මහින්දානන්දට පැන්ෂන් දිගටම නලින්ට නෑ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වසර විස්සක කාලයක් සඳහා බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියමව සිටියත් ඔහුගේ විශ්‍රාම වැටුප කප්පාදුවකින් තොරව දිගටම හිමිවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 31 May 2025
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් ඉදිරි පැය 36 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ තද සුළං ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කළේය. 30 May 2025
සුළඟින් නාගොඩටත් බර හානි නාගොඩ වඳුරඹ යටලමත්ත මාපලගම ප්‍රදේශ හරහා අද සවස හමා ගිය දැඩි සුළඟකින් ගාල්ල නාගොඩ ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට තිබූ විශාල ප්‍රමාණයේ ගස් දෙකක් ගොඩනැගිල්ලකට සහ පාසල් ප්‍රධාන බැම්මට කඩා වැටීම හේතුවෙන් දැඩි ලෙස අලාභ හානි සිදු වී තිබූ ආකාරය දක්නට ලැබිණි. 30 May 2025
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ගලබඩ සහ වටවල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට මේ වන විට බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් අද (30) රාත්‍රී පැවසීය. 30 May 2025
කෝටි 1000ක් වංචා කළ කතක රිමාන්ඩ් ලක්ෂ පහකට රැකියා ලබා දෙන බවට ප්‍රචාරය කරමින් රැකියා විරහිත තරුණ තරුණියන් රවටා රුපියල් කෝටි දාහකට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන පිළිමතලාවේ ප්රොකෙයාර් පුද්ගලික සමාගමේ අධ්යක්ෂවරියක ලබන 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය මහත්මිය අද(30) නියෝග කළාය. 30 May 2025
බැංකු මුදල් අයකැමි බැංකුවේ කෝටි 13ක් ඩේලි පොලියට දීලා රාජ්‍ය බැංකුවක කඩුවෙල ශාඛාවේ මුදල් අයකැමිවරයකු බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් දෛනික පොලී ලබා ගැනීමේ අරමුණින් විවිධ බැංකුවල ගිණුම් සදහා මුදල් බැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය පවසයි. 30 May 2025
සෙවනගල උක් ගොවීන්ගේ තිත්ත කතාව සෙවනගල ලංකා සීනි සමාගමේ කර්මාන්ත ශාලාවට උක් අස්වැන්න මිලදී නොගැනීමෙන් උක් ගොවිතැනේ නියැලෙන ගොවි පවුල් 4000 සාමාජිකකයන් 10,000 අධික ප්‍රමාණයක් දැඩි දැඩි අසීරුතාවයට පත්වී සිටින බව උක් ගොවීහු පවසති. 30 May 2025
වර්ෂාවෙන් පුද්ගලයන් 1757ක් අමාරුවේ අධික වර්ෂාව සහ දැඩි සුළං තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 9 ක පවුල් 485 කට අයත් පුද්ගලයන් 1,757 ක් ආපදාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (30) පැවසීය. 30 May 2025
ලොකු පැටීගේ ගිනි අවියක් සොයා ගනී පුද්ගල ඝාතන , ගිනි අවි සන්තකයේ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධව විදෙස් ගතව සැඟව සිටියදි අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවකු වන ලන්තුවා හන්දි සුජීව රුවන් කුමාරද සිල්වා නොහොත් ලොකු පැටි නමැත්තා ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල ගිනි අවියක් සහ උන්ඩ 5 සොයා ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි 30 May 2025
පාසල් සිසුන්ට බඹර ප්‍රහාරයක් මුලතිව් ඔඩ්ඩුසුඩාන් මහ විද්‍යාලයේ ක්‍රීඩා තරඟයක් අතරතුර බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් සිසුන් සහ ගුරුවරුන් ඇතුළු 43 දෙනකු අද දහවල් රෝහල්ගත කොට ඇතැයි මුලතිව් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 30 May 2025
’’අපරාධ රාජ්‍යය’’ හොඳ රටක් කරනවා දේශපාලන රැකවරණය මත ගොඩනැගී තිබූ අපරාධ රාජ්‍ය වෙනුවට ලංකාව ලෝකය හමුවේ යහපත් රටක් කරන වගකීම දිවි හිමියෙන් ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 30 May 2025
ඩී.අයි.ජීට දුන් බලය ඒ.එස්.පීට මාරුකරයි ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයාගේ ඉල්ලීමකට අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ 2023 වසරේ ජූලි මස පැවරූ එම කොමිසම සතු බලතල සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් අද (30) ප්‍රසිද්ධ කළේය. 30 May 2025
කොලොන්නාවේ වැසි සුළං ආපදාවලට කඩිනම් සහන වැසි හා සුළි සුළං හේතුවෙන් කොලොන්නාව ප්‍රදේශයේ ආපදාවන්ට ලක්ව ඇති ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අද එහි ගියේය. 30 May 2025
කොළඹ ’’ඇළ’’ ලස්සන කරන වැඩ අරඹයි ජගත් පරිසර දිනයට සමගාමීව “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන හා එක්ව කොළඹ සහ අවට ප්‍රදේශවල ඇළ මාර්ග හා ඒ ආශ්රිත පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනේ සමාරම්භය නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 30 May 2025
රජ්‍ය සේවක වැටුප් එන වසරේ අනිවාර්යෙන් වැඩි කරනවා‘‘ රජ්‍ය සේවක වැටුප් ලබන වසරේදී අනිවාර්යයෙන්ම වැඩි කරන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා පවසයි. 30 May 2025
මහින්දානන්ද නලින් හිරගෙදර මුද්‍රණ වැඩට? බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම කෙරුණු මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරුන් බොහෝ දුරට බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ සේවයේ යෙදවෙනු ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. 30 May 2025
‘මැතිසබේ කෑම අපිට එපා’ වැඩි කෙරැණු මාසික කෑම බිල තමන්ට දරා ගත නොහැකි හෙයින් පාර්ලිමේන්තුවෙන් මින් ඉදිරියට කෑම නොගැනීමට තීරණය කර ඇතැයි සේවකයන් පිරිසක් එහි ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දී ඇත. 30 May 2025
මරදාන දුම්රිය ස්ථානයේ වහල සුළඟට යයි දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය ප්‍රවාහන කොළඹ කාර්යාලයේ වහලයක කොටසක් සුළගින් කැඩියාම හේතුවෙන් මරදාන ප්‍රවේශපත් නිකුත් කරන කාර්යාලට ජලය පතිත වීමෙන් මරදාන ප්‍රවේශපත් කාර්යාලයේ කටයුතුවලට බාධා පැමිණ තිබේ. 30 May 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026