
(සුජිත් හේවාජුලිගේ)
වැඩි කෙරැණු මාසික කෑම බිල තමන්ට දරා ගත නොහැකි හෙයින් පාර්ලිමේන්තුවෙන් මින් ඉදිරියට කෑම නොගැනීමට තීරණය කර ඇතැයි සේවකයන් පිරිසක් එහි ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දී ඇත.
එසේ හෙයින් ආහාර සඳහා වැටුපෙන් මුදල් කැපීම නතර කරන්නැයි ඉල්ලා සිටින ඔවුහු නිවසින් කෑම ගෙනැවිත් අනුභව කිරීමට පහසුකම් සලසා දෙන්නැයිද අායාචනා කරති.
කෑම නිවසින් ගෙන ඒමට අපහසු වන දිනවලදී පොලිස් නිලධාරීන්ට සහ මාධ්‍යවේදීන්ට දෙන මිලට කෑම දෙන ලෙසටද ඔවුහු ඉල්ලා සිටිති.
සේවකයන් මෙම ඉල්ලීම අැතුළත් ලිපිය යොමු කර අැත්තේ සහකාර අධ්යක්ෂ (පරිපාලන) අාහාර පාන ගිණුම් වෙතය.
පාර්ලිමේන්තුවේ සාමාන්‍ය සේවකයන්ගේ මාසික කෑම බිල රුපියල් 1000 සිට 2500 දක්වාද විධායක නිලධාරීන්ගේ කෑම බිල 1500 සිට රුපියල 4000ක් දක්වා ද වැඩි කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව පසුගියදා තීරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය සේවකයින්ගේ මාසික කෑම බිල රුපියල්ම දෙදාහයි. උදේ කෑමට, දවල් කෑමට අමතරව තේ දෙකකුත් ගන්නවා ඇතිනේ... සාමාන්‍ය රජයේ සේවකයෙක් මසකට දින විස්සක් නැත්නම් දින විසි එකක් වැඩ කරනවා නම් 2000÷20= දිනකට කෑම වියදම දරාගන්නවත් බැරි ඉතාම අසාධාරණ මුදලක් කියලා දැනුයි තේරුනේ. නුවනැත්තෝ සිතත්වා...!
මාසිකව 1000 සිට 2500 දක්වා 1500 සිට 4000 දක්වා කියන්නේ මුළු මාසෙටම වැඩි කරලා තියෙන්නේ සොච්චමයිනේ..
කතාව ඉස්තරම්... කෑම දීම නවත්තන්න. ගෙදරින් ගෙනැල්ලා කන්න කියන්න...
හොඳ තීරණයක්... දවසට රුපියල් 125ට කන්න බැරි අසරණයන්ගේ පඩිය කීයද? පව් අනේ...!
කෑම වේල් දෙකයි... තේ වේල් දෙක්යි රැස්වීම් දවසට අඩුම තරමින් රෑටත් කෑම හා තේ ලැබෙනවා ඇති. සති අන්ත හා අනෙක් රජයේ නිවාඩු හැරුණාම මාසකට දින විස්සක් සේවයේ යෙදෙනවා... දැන් වෙළඳපලේ අපිට නම් පාන් භාගයක් පරිප්පු එක්ක කාලා තේ එකක් බිව්වාම රුපියල් දෙසීයකිනුත් බැරි වෙනවා. පාර්ලිමේන්තුවේදි දෙවේලක් හොදින්ම සප්පායම් වෙලා එක වේලක් තේ නැතුවම 2000÷20= රුපියල් 100/= යි දැන් ඒකත් වැඩියි කියලා උද්ඝෝෂණ කරනවා. අවුරුදු 76 ක් රට කාලා තියෙන්නේ දේශපාලුවන්ද?
නියමයි....මාසෙට දාහක් දෙන්න බැරි කාලකන්නි, ගෙදරින් ගෙනත් කාපිය... හොඳ වැඩේ
ගෙවල් වලින්ම කන්න ඕනෙ. වෙන මනුස්සයෙකුට එළියෙන් කන්න කීයක් යනවද? මීට වඩා වැඩි කරන්න ඕනේ.
අපි එකම රෑනෙ කුරුල්ලෝ... මේ පාරාදීසයේ...
ඔබලාට කෑම ගෙදරින් ගෙනාවොත්... මාසෙට 2500 නොවේ... ඊට වඩා යනවා. වැඩකරන දින මාසයකට 20 කියලා හිතුවොත්... ඒක 2500න් බෙදුවොත් දිනකට කෑම වියදම රු 125... ගෙදරින්ම ගෙනත් කන්න. එතකොට තේරෙයි. රටේ අනික් මිනිස්සුත් කොහොමද ජීවත් වෙන්නේ කියලා...
ලොකු දෙයක්.... ගෙදරින් ගෙනත් කන්න..
ගෙදර ඉඳලා වැඩට එනවා නම් ගෙදරින් ගෙනත් කන්න කියන්න. මොකද රජයේ අනික් නිලධාරිනුත් ගෙදරින් ගෙනත්නේ කන්නේ...
අනිත් මිනිස්සු වේලකට තුංහාරසීයක් වියදම් කරල කනකොට මාසෙට දාහකට මුං පිං බත් ගිලිනවා. කන්න බැරිනම් ගෙදර ඉන්න කියන්න.. රටේ ලොකුම සාපවලිං එකක් තමයි මේ ගඟමැද අට්ටාලේ...
හොඳම දේ ගෙදරින් ගෙනැල්ලා කැම කන්න සලස්සන්න. ඔච්චර අඩුවට කෑම රටේ මිනිසුන්ට කන්න හම්බ වෙන්නේ නැහැ...
වැඩි කළත් මාසෙටම 2500. ගෙදරින් ගෙකත් කන්න පුලුවන්ද ඒ ගාණට?
මෙච්චර කල් පිනට කාලා පුරුදු වෙලා දැන් ඉවසන්න බැරුව ඇති... ඒ වගේම මහ බැංකුවේ තත්වයත් පරීක්ෂා කරන්න ඕනෑ...
පාර්ලිමේන්තුවේ සේවකයෙක්ට සම්පූර්ණ දවසේම ආහාරපාන වියදම දවසට රුපියල් 100කට අඩු කෑම වියදමක්, ඒත් ඒක දරාගන්න බැහැ... බුහ හා. රුපියල් සීන් අපිට බනිසක් කාලා තේ එකක් බීලා බිල ගෙවන්නත් මදි... එහෙම කන්න බැරි නම් ගෙදරින් ගෙනත් කාපල්ලා, අපට පාන්ද?
අර හිටපු ජනාධිපති කෙනෙක්වූ මිස්ටර් හිටන්ගේ හාමිනේ, මිනිහාට උයලා, කෙහෙල් කොලේ ඔතලා දෙන බත් පොජ්ජ , හිටන් උන්නැහේ ජනාධිපති මේසය උඩ තියාගෙන කෑවා කියන කතාව ඇත්තක් නම්, මෙවැනි සුළු සේවකයින්ට එහෙම කරන්න බැරි මොකද? ගෙදර ගෑනිගේ බත් පතට වැඩිය පාර්ලිමේන්තු බත්රස නිසාද? ගෙදරින් කෑම "ගේන්න බැරි වුනොත්", ලාබෙට කන්න, බොන්න ඉල්ලන එකට ඉඩ දුන්නොත්, හැමදාම තුට්ටු දෙකට කන බොන ක්‍රමය යළිත් වරක් ගොඩ එනවා. අනේ මන්දා... මොවුන්ගේ ටිකිරි මොළේ තමා මොළේ කියන්නේ...!
පාර්ලිමේන්තුව ඉස්සරහ පිට්ටනියේ තණකොළ ඕනෑ තරම් තියෙනවා. එකාට පර්චස් කාල ගානේ වෙන්කරලා දෙන්න...
රජයේ රෝහල්වල උපස්ථායක සාමාන්‍ය කම්කරුවන්ට තවමත් දෙවේලක් ආහාර ලබාදෙනවා. මාසික අයකිරීම රුපියල් දහයයි. රු(10)...
එක කමක් නැහැ. ඒ මිනිස්සු ඒකට හරියන්න ජනතාවට සේවය කරනවා නම්.... කරුමෙ කියන්නේ එහෙම සේවය නොකරන එකයි.