
(අංජුල මහික වීරරත්න)
සමෘද්ධි බැංකු පද්ධතිය ලංකාවේ ශක්තිමත්ම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනය බවට පත් කිරීම රජයේ ඉලක්කය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පැවැසීය.
දීර්ඝ කාලයක් තිස්සේ ජනතාව මුහුණ දෙන “යැපුම් මානසිකත්වයෙන්” ඔවුන් මුදවා ගැනීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සතු ප්‍රධානතම අභියෝගයක් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
අමාත්‍යවරයා මේ බව කීවේ නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගී වෙමිනි. නුවරඑළිය නව නගර ශාලා පරිශ්‍රයේදී මෙය පැවැත්විණි.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සතුව සමෘද්ධි බැංකු 430ක්, බැංකු ශාඛා 1,097ක් සහ බැංකු සංගම් මූලස්ථාන 333ක් පවතින අතර, රුපියල් බිලියන 800කට අධික මූල්‍ය වත්කම් ප්‍රමාණයක් සතු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව, මෙම දැවැන්ත මූල්‍ය ශක්තිය සහ මානව සම්පත උපයෝගී කරගනිමින් සමෘද්ධි ක්ෂුද්‍ර මූල්‍ය අංශය ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනය බවට පත් කිරීම රජයේ ඉලක්කය බවද අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd