IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොලොන්නාවේ වැසි සුළං ආපදාවලට කඩිනම් සහන

(අංජුල මහික වීරරත්න)

වැසි හා සුළි සුළං හේතුවෙන් කොලොන්නාව ප්‍රදේශයේ ආපදාවන්ට ලක්ව ඇති ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අද එහි ගියේය.

මෙම සිදුවීම් පිළිබඳ වාර්තා වූ මොහොතේ ම ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා යුද හමුදාවේ සහාය ලබාගනිමින් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කෙරුණු බව අමාත්‍යාංශය කියයි. 

වර්ෂාව සහ සුළං හේතුවෙන් කොලොන්නාව ප්‍රදේශයේ නිවාස හා දේපළවලට අලාභ හානි සිදුව තිබේ.

මීතොටමුල්ල 55 වත්ත, මීතොටමුල්ල CGR ප්‍රදේශය, මීතොටමුල්ල  සිල්වර් මාවත, සේදවත්ත කළු පාලම අසල ප්‍රදේශය, වෙහෙර ගොඩැල්ල, වැල්ලම්පිටිය පරම ධර්මෝදය විහාරය, ගොතටුව ග්‍රාම සේවා වසමේ නින්දහේන ප්‍රදේශය, බටලන්දහේන ග්‍රාම සේවා වසමේ මාණිගමුල්ල, බටලන්දහේන ග්‍රාම සේවා  වසමේ ආඩිහේන තුන්වන පටුමග යන ප්‍රදේශ නියෝජ්‍ය අමාත්‍යවරයා නිරීක්ෂණය කළ අතර, ආපදා කළමනාකරණය මධ්‍යස්ථානයේ හා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහාය ලබා ගනිමින් ආපදාවන්ට ලක්ව ඇති පිරිසට සහන සැලසීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කළේය. 



අදහස් (0)

කොලොන්නාවේ වැසි සුළං ආපදාවලට කඩිනම් සහන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site