
(හේමන්ත ද සිල්වා)
රජ්‍ය සේවක වැටුප් ලබන වසරේදී අනිවාර්යයෙන්ම වැඩි කරන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා පවසයි.
රජයේ සේවකයන් හරියට රාජකාරී කරනවා නම් රට හැදෙනවා.අපි ප්‍රමෝට් කරන්න එපා. රජය දෙන වැඩ කළාම ඇති. රජයේ සේවකයන්ගේ වැටුප වසර තුනේ වැඩි කිරීමට කටයුතු කරනවා.අපි අපේක්ෂා කරනවා. ඔබේ රාජකාරිය හරියට කරයි කියා. නිලධාරී කීපදෙනකු ඕන නැති වැඩ කරලා තිබෙනවා. ආණ්ඩුව ප්‍රමෝට් කරන්න ඕනේ නැහැ. රජය දෙන වැඩ කරන්න.
මේ රැස්වීමට අද නොපැමිණි නිලධාරීන් ගැන අමාත්‍යාංශ ලේකම්වරුන්ට ලිපියවා මටද පිටපතක් දෙන්න යැයිද අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ මුලසුන හොබවමින් නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා වගකීමෙන් පච කියනු ලැබේ...! අනුර නම් කිව්වේ මාස හයෙන් හයට පඩි වැඩි කරනවා කියලයි.
අම්මෝ... පරම සත්‍යය කතා කරන තව එක්කෙනෙක්... මූණ දැක්කත් ඇති...
අනිවාර්ය නොවුණාට ජීවන දර්ශකය බලලා, ඒ අනුව වැඩි කරන්න. එහෙම නැතිනම් බඩුමිල පහත හෙලන්න. මිනිස්සු පඩි වැඩි කරලා ඉල්ලන්නෙ.... ලැබෙන වැටුපෙන් ජීවිතයේ අවම පහසුකම් සහිතව සාමාන්‍ය තත්වයෙන් වත් පවත්වාගෙන යන්න අමාරු නිසයි.
වැටුප් වැඩි කරනවා කියන්න කලින් ඒවා හොයාගන්න හැටි කියමු බලන්න බදු, විදුලි බිල, ඕවර් හෙඩ් වැඩි නිසා රැකියා ලබාදෙන කොම්පැණි ගැලවෙනවා. අලුතින් එන්නේ නැහැ. වැටුණු ඒවා අරගන්න බැරුව ඉන්නවා. ගිහින් බලන්න රට වටේ මෙයා පොර ටෝක්ස් දෙනවා...
1. රාජ්‍ය සේවයේ විතරක් පඩි වැඩි කරාම රටේ අනික් අයගේත් ආර්ථික ප්‍රශ්න විසඳෙනවාද? රජය බලයට ආපු ගමන්මත් වැඩි කරා. ආයි වැඩි කර්න්න යනවා. මොන සාධාරන හේතු උඩද නැත්නම් වෘත්තිය සමිති සගයින් බලපෑම් කරනවාද රට වැටුනත් කමක් නෑ අපේ පොරොන්දු ඉටු කරන්න කියලා. 2. ඔය වැඩි කිරීමට දැන් කොහෙන් ද සල්ලි හොයන්නේ? 3. රාජ්‍ය සේවය හොර ගුහාවක් කියලා ලාල් කාන්ත සහෝදරයා කියලා වැඩි දවසක් නෑ. එතකොට හොරුන්ට තවතවත් වැඩියෙන් ගෙවන්නේ මොකද? ලාල් කාන්ත කිව්වේ බොරුද? නැත්නම් හොරු වුණත් අපිව බලයට ගේන්න වර්ජන කරා ඡන්දය දුන්නා ඒ නිසා අපි හොරු කතා ඇහුනේ නෑ වගේ ඉම්මු කියලාද දැන් වෙන්න යන්නේ. එහෙනම් සිස්ටම් චේන්ජ් ඉවරයිද?
මුහුණෙන්ම පේනවා ඇත්ත කියන්නේ කියලා...
ඒ මොකටද එයාට පිටපතක් දෙන්නේ? රාජ්‍ය සේවකයෝ කියන්නේ දේශපාලකයොන්ගේ සේවකයෝ නොවෙයි හරිද හේවගේ...? ඒවා වෙනස් කරන්න නේද ඔහෙලා ආවේ...?
ප්‍රාදේශීය සංවර්ධන කමිටු කියන්නේ එම ප්‍රදේශයේ තියෙන සංවර්ධන කටයුතු හා ගැටලු සංවර්ධනය සඳහා සාකච්ඡා කරන රැස්වීමක් මිස නිලධාරින්ට පොරොන්දු දෙන ස්ථානයක් නොවෙයි. ඒ රැස්වීමකට නිලධාරි එන්නේ නැත්නම් ඔවුන් පෙර රජයවල් තියෙද්දී වර්ජන මෙහෙයවා සංවර්ධන කටයුතු අඩාල කළා වගේ සංවර්ධන කටයුතු අඩාල කිරීමක් කියන්න පුළුවන්... මෙහෙම බාධා කරන්නන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීමට නීතී සැකසීමට වත්මන් ආණ්ඩුවට හැකියාව තියෙනවා...
ඉස්සර පච වැපිරුවේ පරණ රතු සහ කළු කොටු ඇති කමිසේ ඇඳගෙන, දැන් පච කියන්නේ ටඊ කොර්ට් දමාගෙන, අර ලක්ෂ 12 විට්ස් එක දෙනවා කිව්වේ මෙයා නේද? රජයේ සේවකයාගේ වැටුප් වැඩි කරන්න මුදල් සොයාගන්න වැඩි කරන්නේ මොන බද්දද? එහෙම නැතිනම් පච බද්ද වැනි අලුත් බද්දක් හඳුන්වා දෙනවාද? එහෙම නැතිනම් පැලවත්තේ එකවුන්ට් එකෙන්ද? උගන්ඩාවේ සල්ලි ගෙනත්ද?