
(අංජුල මහික වීරරත්න)
දේශපාලන රැකවරණය මත ගොඩනැගී තිබූ අපරාධ රාජ්‍ය වෙනුවට ලංකාව ලෝකය හමුවේ යහපත් රටක් කරන වගකීම දිවි හිමියෙන් ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ශ්‍රී ලංකාව ස්වභාවික සම්පතින් අනූන, සශ්‍රික රටක් වුවද පෙර පාලකයන්ගේ සැලැස්මකින් තොර ක්‍රියා කලාපයන් හේතුවෙන් රටට සංවර්ධනය අහිමි වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වත්මන් රජය ක්‍රමිකව සහ ස්ථාවරව රටේ ජාතික ආර්ථිකය ගොඩනගමින් සිටින බවද සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ගල්කිරියාගම, පහමිණියාගම සිරි සමාධි මහා විහාරයේ ධාතු මන්දිරය විවෘත කිරීම හා මෙත් බෝසත් පිළිරුව නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට අද (30) පස්වරුවේ සහභාගී වෙමිනි.
කාගම සිරිනන්ද හිමිගේ ආරාධනයෙන් ජනාධිපතිවරයා මෙම අවස්ථාවට එක් වූ අතර ධාතු මන්දිරය විවෘත කිරීමෙන් අනතුරුව ඊට ප්‍රථම පුෂ්පෝපහාරය සිදු කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු විය.
අනතුරුව පැවති උත්සව සභාව ඇමතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ තමා කිසිවිටෙක තනතුරු, තනාන්තර බලා කටයුතු නොකළ අතර ජනතාවගේ දුක සැබෑ ලෙසම අත්දුටු සහ අත්විදි නායකයෙකු ලෙස සියලු පොදු ජනතාව වෙනුවෙන් සමෘද්ධිමත් රටක් ගොඩනැගීමට කැපවී කටයුතු කරන බවත්ය.
අනුරාධපුර අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක පල්ලේගම හේමරතන නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නයද මැති ඇමතිවරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි... බොරු කියන එක නවත්තලා දෙන්න විධායක ජනාධිපතිතුමනි,
ඉතිහාසය හොඳින් දන්නා අය පාරක වැටී සිටි න සතෙකුටත් ආදරය අනුකම්පා කළාට වැසියන් සිටින්න රටක් මේ තත්ත්වයට පත් කළේ කවුද කියලා දන්නවා එදා හැත්තෑ එකේ කැරැල්ලක් මෙහෙයවලා තරුණ තරුණියන් විසිදාහක පමණ මරා දමලා පාරවල් ගානේ ඇලවල් ගානේ මිණි ගොඩ ගැස්සුවේ කවුද? අසූඅට, අසූ නමය කාලය රාජ්‍ය දේපළ ගිනි තියලා විනාශ කරලා මිනිසුන් අමු අමුවේ ්‍රසිද්ධියේ මරා දමලා මිනී කඳු ගොඩ ගැස්සුවේ කවුද? පහුගිය අරගල කාලයේ මිනිසුන්ගේ දුක් ගැහැට වලට වගකිවයුතුයි අය දේශපාලනඥයින් කියලා බොරු බේගල් කියලා මිනිසුන්ගේ සිත් වල වෛරය පතුරුවලා මිනිසුන්ට අනෙක් මිනිසුන්ගේ ගෙවල් ගිනි තියන්න ප්‍රසිද්ධියේ මිනිසුන්ට පහර දෙන්න හා එවැනි දාමෙරික වැඩ දැකලා ප්‍රසිද්ධියේ ගහලා මරනවා දැකලා සතුටු වෙන විදියේ මානසිකත්වයක් රට තුළ ඇති කරේ කවුද? මේ අපරාධ රැල්ලට ප්‍රධානම හේතුවක් හැටියට මම දකින්නේ එදා අරගල කාලයේ මිනිසුන්ගේ මනසවල් වෙනස් කරපු එකේ ප්‍රතිඵලයක් කියලයි...
ඔබගේ උතුම් ප්‍රාර්ථනය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි සියලුම යහපත්, ධර්මිෂ්ඨ රට වැසියන්ගේ ඒකායන පැතුමයි. සාදු...! සාදු ...! සාදු...!