(සුජිත් හේවාජුලිගේ)
බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම කෙරුණු මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරුන් බොහෝ දුරට බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ සේවයේ යෙදවෙනු ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරිවරයා විසින් අද හෙටම එම වැඩ පැවරීම කෙරෙනු ඇත.
මේ අතර දඬුවම් නියම වුණු සිරකරුවන්ට නිකුත් කෙරෙන ජම්පරය නමැති ඇඳුම හිටපු අමාත්‍යවරුන් දෙදෙනාට ඊයේ (29) ලබා දුන් බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක මහතා පැවසීය.
එසේම දෙදෙනා බන්ධනාගාර වෛද්‍යවරයාට පෙරේදා යොමු කළ බවද ඔහු සඳහන් කළේය.
2015 ජනාධිපතිවරණ සමයේ දී කැරම් බෝඩ් 14000ක් සහ දාම් බෝඩ් 11000ක් නීති විරෝධී ලෙස ක්‍රීඩා සංගම් අතර බෙදා හැරීමෙන් රුපියල් කෝටි පහකට වැඩි පාඩුවක් කිරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බරපතළ වැඩ සහිතව වසර 20ක සිර දඬුවමක්ද සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩ සහිතව වසර 25ක සිර දඬුවමක්ද ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඊයේ (29) නියම කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අච්චු කන්තෝරුවක වැඩකරන එක තරම් " බරපතල" වැඩක් ඇත්තේම නෑ කියලා ඇහුවාමයි.
ව්‍යායාමයට ඉඳලා හිටලා දර පලන්නත් දායිද දන්නේ නෑ.
දමන්න තිබුනේ වැසිකිලි සුද්ද කරන්න...
මේවා පොඩි කේස් තව ලොකු එව්වා එනකොට තව අය කෙඳිරි ගාන්න පටන් ගනී.
ගෙවල් ගිනිතියලා, අපරාධ වලට හිරේ යන අවුරුදු ගාණ බලන්න. අපිට මැත්ස් ක්ලාස් යන්න වෙනවා.
මේ අය මහත්වරු නෙමෙයි, හොරු
මේක ලංකාවේ මුද්‍රණ අංශයේ සේවය කරන සේවකයින්ට කරපු අපහාසයක්...