
(සුජිත් හේවාජුලිගේ)
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වසර විස්සක කාලයක් සඳහා බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියමව සිටියත් ඔහුගේ විශ්‍රාම වැටුප කප්පාදුවකින් තොරව දිගටම හිමිවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් පනත අනුව දඬුවම් විඳින හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමිවන බවට කිසිදු සඳහනක් නොමැති හෙයින් ඔහුට විශ්‍රාම වැටුප දිගටම ගෙවීමට සිදුවන බව පාර්ලිමේන්තු මූල්‍ය අංශයේ නිලධාරියෙක් පැවසීය.
යම් විදිහකින් හෝ විශ්‍රාම වැටුප නතර කළ යුතු බවට නඩු තීන්දුවේ සඳහන් වී ඇත්නම් එය නතර කිරීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.
බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම වූ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු සේවා කාලය වසර පහකට අඩු හෙයින් ඔහුට විශ්‍රාම වැටුපක් හිමි නොවන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයට පාඩු කරාට රජයෙන් පැන්ෂන්... මරු මරු මෙයාලාම හදාගෙන තියෙන නීති කරපු පාඩුව අය කරගන්න නීතිය ඕකෙ නැතිව ඇති...
ඒ ගැන සඳහනක් නැත්නම්, පාර්ලිමේන්තු නියෝජිතයෙක් නොවූ සාමාන්‍ය පුරවැසියෙක් ලෙස සලකලා වැඩකරන්න බාධාවකුත් නැහැ. ඒ කියන්නේ රජයෙන් ලබන සියලු වරප්‍රසාද අහිමි වෙනවා. දඬුවම් කාලය තුළ ප්‍රජා අයිතියද නැතිවෙනවා.
ඔය විශ්‍රාම වැටුප මහින්දානන්දට කළුතර පාලම යටින් ගසාගෙන යන පොල් ලෙල්ලක් වගේ , ඔහු අයතා ලෙස උපයාගත් ඩොලර් මිලියන 500 කට වැඩි ධනයක් තිබෙනවා.
පොදු ජනතාවගේ මුදල් නේද හොරා කාලා තියෙන්නේ... හිරේ වියදම පොදු ජනතාව ගෙන් පෙන්ෂන් එකෙන් අඩුම ගානේ හිර ගෙදර නඩත්තු වියදමක්වත් කපා ගත්තොත් නරකද?
මහා පරිමාණයෙන් හොරකම්, වන්චා, දූෂණ කරපු පට්ට හොරෙක්... හොරාකාපු සියලු වත්කම් රාජසන්තක කළයුතුයි.
බඩු මලු බෙදලා තිබුණොත් භාණ්ඩාගාරයේ මුදල් අරගෙන අවුරුදු 1000 පාර්ලිමේන්තුවේ ඉන්න 159 දෙනාම හිරේ යවන්න ඕනේ. පොහොර තියා කිසිම දෙයක් දෙන්න බැහැ.
රටම කාලා හොරා කාපු මුදල් හොයාගෙන මහා භාණ්ඩාගාරයට බැර කරලා පමණක් මදි. එම මුදල් වලින් වංචනිකව ගත් සියළුම චංචල, නිශ්චල දේපළ රජයට පවරා ගෙනත් මදි. පුළුවන් නම් නව නීති සම්මත කරගෙන මහින්දානන්දගේ අති විශාල විශ්‍රාම වැටුපත් අහොසි කරන්න ! ජනාධිපති සමාව, වෙසක් සමාව, සිංහල අළුත් අවුරුදු සමාව මෙම චෞරයින්ට නොදිය යුතුයි. අධිකරණය ලබාදුන් සම්පුර්ණ සිරදඬුවම් කාලයම ඇතුලෙම පරෙස්සමින් තබා ගත යුතුයි.
දැන් මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කියලා මහා ඝෝෂාවක් තිබුණනේ... ඒක මේ අයට බලපාන්නේ නැතිද?