අත්තනායක එම් හේරත් දිවිසැරිය නිමවයි පේරාදෙණිය සරසවියේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතිහු පවසති. 30 May 2025
කොකේන් සමඟ විදෙස් කත ගුවන්තොටේදී මාට්ටු රුපියල් පනස් එක් කෝටි හැට එක් ලක්ෂ පනස් දහසක් වටිනා කෝකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ගුවන් මගී කාන්තාවක් අද(30 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 30 May 2025
ග්‍රාම නිලධාරී අල්ලස් දැලේ පැටලෙයි ඉඩමේ පවතින පොල් ගස් තුනක් කපා ඉවත් කර ගැනීම සඳහා යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා දුන් අයදුම් පත්‍රයට අත්සන යෙදීම සඳහා රුපියල් හාරදහසක් වටිනා පෙන් ඩ්රයිව්එකක් අල්ලස් වශයෙන් ලබාගත් ග්‍රාම සේවා නිලධාරියකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 30 May 2025
පළාත් රැසකට සුළඟින් දැඩි හානි කොළඹ ඇතුළු රට පුරා ඇති වූ තද සුළං හේතුවෙන් ගස් කඩා වැටීම් ඇතුළු ආපදා රැසක් වාර්තා වි ඇතැයි ආපදා කළමනාකරන මධ්‍යස්ථාන කියයි. 30 May 2025
බස්නාහිරට - සබරගමුවට තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 30 May 2025
මහින්දානන්දට නලීන්ට කොට්ටියක් පැදුරක් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හිටපු ඇමැතිවරුන් දෙදෙනා දඬුවම් විඳින සිරකරුවන් සිටින පොදු වාට්ටුවකට ඇතුළත් කෙරුණු බව බන්ධනාගාර කොමසාරිස්( මාධ්‍ය) ගාමිණී දිසානායක මහතා පැවසීය. 30 May 2025
ගස් කඩා වැටී දුම්රිය ධාවනයට බාධා දැඩි සුළං තත්ත්වය හේතුවෙන් වදුරව හා කීනවල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය මාර්ග දෙකම ඊයේ (29) රාත්‍රී අවහිර වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 30 May 2025
පැල්වත්තත් ලොකු අර්බුදයක:පඩි දෙන්න සීනි අඩුමිලට විකුණයි බුත්තල පැල්වත්ත සීනි සමාගමේ, මුල්‍ය අර්බුධය ඉහළයාමක් සමග සමාගමේ පාලන අධිකාරිය විසින් ඔවුන් නිෂ්පාදනය කරන දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 500ක්,පාඩු පිට ගැනුම්කරුවකුට අලෙවි කර ඇති බව සමාගමේ සේවකයෝ පවසති. 29 May 2025
රහස් පොලිසිය අධිකරණයෙන් සමාව ඉල්ලයි සාක්ෂි මගින් අනාවරණය නොවූ කරුණු වැඩිදුර වාර්තාවක සටහන් කිරීමෙන් සිදුවූ අපහසුතාවයට ”සමාව ” දෙන්නැයි රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මියගෙන් අද ඉල්ලා සිටියේය. 29 May 2025
ගුවන් සේවිකාට ලිංගික අඩත්තේට්ටම් කළ නාවික කපිතාන් රිමාන්ඩ් වෙරි වී එමිරේට් ගුවන් සේවිකාවකාවකට ලිංගික අඩත්තේට්ටම් කළේ යැයි කියන නෞකාවක කපිතාන්වරයකු ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද නියෝග කළාය. 29 May 2025
පෝලන්ත විදේශ ඇමති ජනපති හමුවෙයි පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි (Radoslaw Sikorski) මහතා අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය. 29 May 2025
අමාලි රඹුක්වැල්ලගෙන් පැය තුනක ප්‍රකාශයක් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල මහත්මියගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද පැය 3 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගනු ලැබුවාය. 29 May 2025
දුම්රියේ තැපැල් මැදිරි අද ගලවයි තැපැල් සේවක වර්ජනය හේතුවෙන් අද රාත්‍රී ධාවනය කෙරෙන කොළඹ කොටුව - බදුල්ල , බදුල්ල - කොටුව , කොටුව - ගාල්ල රාත්‍රී තැපැල් දුම්රියන්හි තැපැල් මැදිරි ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 29 May 2025
සභික ලැයිස්තු බාරදීම හෙටින් අවසන් පළාත් පාලන මැතිවරණයේ සභික ලැයිස්තු බාරදීමට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට ලබාදී ඇති කාලය හෙට (30) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන්වේ. 29 May 2025
පාස්පෝට් රාත්‍රී සේවය අවසන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පැය 24 සේවය හෙට (30) අවසන් කරන බව වැඩබලන ආගමන විගමන පාලන ජනරාල්වරිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නීය. 29 May 2025
මෙම වසරේ වෙඩි තැබීම් 50ක්: මියගිය ගණන 30ක් වසරේ මේ දක්වා දිවයිනේ විවිධ ප්රදේශලින් වෙඩි තැබීම් සිද්ධීන් 50ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි 29 May 2025
පොලිස් ස්ථානාධිපතිවරුන් 16 කට ස්ථාන මාරු වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 16 දෙනකුට ස්ථාන මාරු සහ පත්වීම් ලබාදී ඇත. 29 May 2025
හිටපු ඇමැති දුමින්ද යළි රිමාන්ඩ් වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී පොලිස් භාරයට ගත් ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි ශ්‍රීලනිප මහලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක කළ ඇප ඉල්ලීම ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය අද (29) ප්‍රතික්ෂේප කළාය. 29 May 2025
ත්‍රස්තවාදය වළක්වන අලුත් පනතට මහජන අදහස් අසයි ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධි විධාන) පනත පරිච්ඡින්න කර නව නීතියක් කෙටුම්පත් කිරීමට අදාළව මහජන අදහස් ලබා ගැනීම යටතේ විවිධ සංවිධාන සහ පුද්ගලයින් 240 ක එකමුතුව විසින් සකස් කර අත්සන් කරන ලද යෝජනාවලියක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට අධිකරණ අමාත්‍යාංශයේදී අද බාර දුන්නේය. 29 May 2025
’’ආණ්ඩුව ගැන මිනිස්සු සතුටු නැහැ’’ ආණ්ඩුව මෙතෙක් කළ දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වී නැතැයි පළාත් පාලන මැතිවරණයේදී ඔවුන්ට ලක්ෂ විසි තුනක් අඩුවීමෙන් හොඳින්ම අවබෝධ වන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී පැවසීය. 29 May 2025
ලංකා වෛද්‍ය විද්‍යාල සභාවේ ලේඛකාධිකාරී පත් කරයි ලංකා වෛද්‍ය විද්‍යාල සභාවේ Ceylon Medical College Council – (CMCC) නව ලේඛකාධිකාරී තනතුරට මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය පත් කර තිබේ. 29 May 2025
මහනුවර ඩෙංගු අධි අවදානමේ මහනුවර දිස්ත්‍රික්කය ඩෙංගු අධි වසංගත තත්ත්වයට ළඟාවී තිබෙන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා පවසයි. 29 May 2025
කෙහෙළියගේ දුව අල්ලස් කොමිසමට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල මහත්මිය අද අල්ලස් කොමිසමට පැමිණියාය. 29 May 2025
ජාතික බදු සතිය 2 වැනිදා සිට ජාතික බදු සතියක් ලබන මස 2 වැනිදා සිට 8 වෙනිදා දක්වා රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ලැබ ඇත. 29 May 2025
තැපෑල වර්ජනයේ අතිකාල දීමනාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් මුල් කරනිමින් තැපැල් වෘත්තීය සමිති කීපයක් ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වර්ජනය හේතුවෙන් රට පුරා තැපැල් කාර්යාල අඩපණ වී තිබේ. 29 May 2025
ලබන අයවැයට යෝජනා ගැනීම අරඹයි 2026 අයවැය සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්විණි. 29 May 2025
සාජා ජාත්‍යන්තර සූපවේදී තරගාවලියේදී ජයග්‍රහණ තුනක් 26 වැනි ’’එක්ස්පෝ කලිනරි’’ (Expo Culinaire ) ජාත්‍යන්තර සූපවේදී තරගාවලියට ශ්‍රී ලංකාව් නියෝජනය කරමින් සහභාගී වූ , සූපවේදිනියන් තිදෙනෙකු රන් පදක්කම් 04 ක් , රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගෙන අද(29) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ . 29 May 2025
මහින්දානන්දට 20යි - නලින්ට 25යි: දෙන්නම හිරේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් වසර 10ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් අද නියම කළේය. 29 May 2025
දේශබන්දු කමිටුව වැලිගම සිද්ධියට 11 සාක්ෂි කැඳවයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පිළිබඳ විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව මාතර වැලිගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලබන 11 වැනිදා සාක්ෂි කැඳවීමට තීරණය කර ඇත. 29 May 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026