
(ගයාන් සූරියආරච්චි)
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල මහත්මියගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද පැය 3 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගනු ලැබුවාය.
ඒ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ වැටුප්, දීමනා හා අතිකාල වශයෙන් රුපියල් ලක්ෂ 80 ක මුදලක් රජයට පාඩු කිරීමේ සිද්ධියට අදාලව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් කරගෙන යනු ලබන විමර්ශනවලට අනුවය.
අමාලි රඹුක්වැල්ල මහත්මිය හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණ ලේකම්වරියක ලෙස කටයුතු කර ඇති බව ද විමර්ශන නිලධාරීහු කියති.
එම සිද්ධිය සම්බන්ධයෙන් අමාලි රඹුක්වැල්ල මහත්මියගේ සහෝදරයා වූ රමිත් රඹුක්වැල්ල මහතා ඉකුත් දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ගියහම වැලිකඩ, මහර, අඟුණුකොළපැලැස්ස, දුම්බර ඇතුළු ස්ථානවල සියලුම ආසන විතරක්නොවේ මේස, අල්මාරි, දොර ජනෙල් සේරගේම ජය විපක්ෂයට යන බවයි පෙනෙන්නේ.
එයාව අත්අඩංගුවට ගන්න ඕනනම් මම එන්නම්. මම එනකන් මොනම අඩංගුවකටවත් ගන්න එපා.
පාඩුව අය කරගත්තා නම් තමයි හොඳ
මෙයත් රඹුක්වැල්ල හොර රංචුවෙන්ම කාලා බඩ ගෝස්තරය පුරෝගෙන, සුවෙන් සැපෙන් දිවි ගෙවූ නිසා, ප්‍රශ්න කරලා දොට්ට දැම්මා...