
(නයනජීව බන්ඩාර)
බුත්තල පැල්වත්ත සීනි සමාගමේ, මුල්‍ය අර්බුධය ඉහළයාමක් සමග සමාගමේ පාලන අධිකාරිය විසින් ඔවුන් නිෂ්පාදනය කරන දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 500ක්,පාඩු පිට ගැනුම්කරුවකුට අලෙවි කර ඇති බව සමාගමේ සේවකයෝ පවසති.
එසේ අලෙවිකර ඇත්තේ සීනි කිලෝවකින් රුපියල් අසුහතරක පමණ පාඩුවක්පිට බව, සමාගමේ සේවකයෝ පවසති.
මෙම ගණුදෙනුව හේතුවෙන් සමාගමට සිදුව ඇති අලාභය රුපියල් ලක්ෂ 420ක පමණ වන බව පැවසේ.
සමාගම තම සීනි තොගවලින් කොටසක් මෙසේ පාඩුපිට අලෙවි කර ඇත්තේ, 2025 මැයි මස සේවක වැටුප් ගෙවීමට අවශ්‍ය හිඟ මුදල් සොයා ගැනිමට හා උක් ගොවියන්ගේ උක් සදහා අවශ්‍ය ගෙවීමි කටයුතු සිදුකිරිමට බව පැවසේ.
පැල්වත්ත සීනි සමාගමේ මෙි වනවිට අලෙවිකරගත නොහැකිව ගබඩාකර ඇති සීනි සීනි මෙට්‍රික්ටොන් ප්‍රමාණය 17000කට ආසන්නය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට හදන්න, බඩු අඩුවෙන් දෙන්න ආපු අය රට පජාත කරලාම දාලයි යන්නේ... මේක ඩයස්පෝරා කුමන්ත්‍රණයක් හැඩයි. රටේ ආර්ථිකය වනසා රට වැනසීම වගෙයි මේ අයගේ අරමුණ වගෙයි පේන්නේ...
පැලවත්ත නිසා ඕකම තමා වෙන්නේ රටටත් ළඟදීම
අපේ රටේ හදන සීනි මොකටද පිට රටින් කොමිස් එක්ක සීනි ගෙනැත් ජනතාවට කන්න දෙමු.
"පැලවත්ත" කියලා තිබුණු නිසා මාතෘකාව වැරදියට කියෙව්වාම මට තේරුණා. ශ්‍රී ලංකාවේ එක පක්ෂයකට ලොව පුරා බිලියන 10 ඉක්මවන (වාර්තා කර ඇති) අරමුදලක් තියෙනවා. නීත්‍යානුකූල සහ නීත්‍යානුකූල නොවන අරමුදල් ඇතුළුව පාලන තන්ත්‍ර අරමුදල් ඒවට යනවා. කිසිම විගණනයක් නැහැ. දෙමළ ඩයස්පෝරාවෙන් දැවැන්ත අරමුදල් ලැබුණා කියලා සමහරු කියනවා. ඒක කේඩර් නඩත්තු කරන්න තියෙන මහා අරමුදලක්.
මෙව්වා වහලා දාන්න ඕනෑ. නැත්නම් ආයෝජන සඳහා පෝලිමේ ඉන්න අයට අවස්ථාව නැති වෙනවා. තේ කම්හලුත් වැහීගෙන යනවග තව පුවතක දැක්කා. ජය වේවා...!
ඔයා අඩු ගානට දුන් ටොන් 500 එම ගැනුම් කාරයා වැඩි ගාණට විකුණයි. හිතා මතා ආයතන බංකොලොත් කරන තීරණද මන්ද?
පදුම කතාවක්නේ? විකිණීමට නොහැකිව තිබෙන සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 17,000 ආසන්නයලු. ලංකාවේ නිෂ්පාදනය වන්නේ රටේ පරිභෝජන අවශ්‍යතාවයෙන් 10% ක් පමණයි. එහෙමනම් මට හිතෙන හැටියට සීනි වල තත්ත්වය බාලයි . බාල තත්ත්වයේ සීනි එපමණ විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය වන තුරු තත්ත්ව පාලකයින් නිදාගෙනද ඉඳලා තියෙන්නේ? එහෙමත් නැත්තන් මෙතැන වෙනයම් මොනවහරි මගඩියක් සිදුවෙනවා පාලනඅධිකාරියේ අනූ දැනුම ඇතිව. සාංගික දෙපළ ලෙස ආරක්ෂා කල යුතු මහජන මුදල් නිකරුනේ නාස්ති වීමට ඉඩ දිය නොහැකිය. පරීක්ෂණයක් පවත්වා වැරදි කරුවන්ට නිසි දඬුවම් ලබා දිය යුතුයි. පාඩුවට අය කර ගත යුතුයි.
මාස හයකින් රට හදන්න පුළුවන් විදිහට නොවෙයි පොඩි එකෝ බොලාගේ මහ එවුන් රට කාලා තියෙන්නේ. දැක්කා නේ කැරම් බෝඩ් වලින්ම මිලියන පනස් තුනක් ගහලා, නෙළුම් කුළුණ අධිවේගි මාර්ග, හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ වගේ ඒවා ගෙන් ගහපු ගැහිලි හොයන්න අවුරුදු පහත් මදිවෙයි.
මාලිමා ජෙප්පෝ ටික පොරොන්දු වුනු නිෂ්පාදන ආර්ථිකේ මේකද?
ඇයි සමාගම ආණ්ඩුවේද, සේරම පෞද්ගලික කරාම හරි කියන අය මේවට ඇයි රජයට දොස් තියන්නෙ? මේකෙ කොටස් රජයට තියෙනවද ? අපි දන්න විදියට රජය මෙයාලට වාසි වෙන විදියට දුඹුරු සීනි වලට අමතර බදු පැනෙව්ව විදෙස් සීනි ලාබෙට ගේනවට, එහෙම වෙලත් මේ පාඩු වෙන්නෙ පරිපාලනය වරදින් වෙන්න ඇති. කලයුත්තෙ ඕක රජයට පවරා ගැනීම.
පැල්වත්ත සහ සෙවනගල රජයට අයත්, පසුගිය අවුරුද්දේත් ලාබ ලැබූ ආයතන. වැඩ බැරි ඇමති පහුගිය මාස හතේදී පරිපාලනය විනාශ කරලා. කමෙන්ට් කරද්දී හොයලා බලලා කරන්න.
සේවකයින්ට මසකට කිලෝ පහක් රු.240/= මිලකට නේද දෙන්නේ...? වෙළඳපොලේ සුදු සීනි මිල ඊට අඩු නේද...?
සීනි නැතුව හිටපු කාලයක් තිබුණා. ඔය සීනි ටික විකුණා ගන්න තිබුණු සීනි රටින් ගේන එක නැවැත්තුවා නම්...!
සතොස ආයතනය හරහා පැලවත්තේ නිපදවන සීනි, ආනයනික සීනි වලට වැඩිය රුපියල් 10ක අඩු මිලකට ජනතාවට බෙදාහරින්න බැරි මොකද? "පැලවත්තේ නිපදවන වස විස නැති දුඹුරු සීනි එක පුද්ගලයෙකුට දෙන්නේ කිලෝ 2 පමණි කියලා" පොඩි බැනර් එකක් සතොසේ ඉස්සරහ ගහලා, පොඩි ප්‍රචාරයක් දුන්නා නම් මිනිස්සු පෝලිමේ ඉඳලා පොර කමින් සීනි ගනීවි.., සතොස වැනි රාජ්‍ය යාන්ත්‍රණයක් තිබිලත් නිෂ්පාදන කලට වෙලාවට වෙළෙඳ පලට යවා මුදල් කරගන්න එක සමාගමේ සභාපති ඇතුළු නිලධාරීන්ට බැරි නම් ඔවුන් ගෙදර යවන එක රජයේ වගකීමක්....!
හර්ෂ ගොඩගේ මහත්මයා, මෙතැන තිබෙන ප්‍රශ්නේ සීනි රටින් ගෙනඑන එක නොවේ. තමන් නිෂ්පාදනය කරන සීනි කලට වෙලාවට වෙළඳ පලට නිකුත් කරගන්න පැල්වත්ත ආයතනයේ පාලකයින්ගේ තිබෙන නොහැකියාව, සතොස වැනි රජයේ වෙළඳ යාන්ත්‍රණයක් තිබෙනවා. කීල්ස්, කාර්ගිල්ස් වැනි සුපර්මාර්කට් ජාලයක් තිබෙනවා. වවලා තිබෙන උක් ප්‍රමාණය ගැන දත්ත පැල්වත්ත සීනි සමාගම සතුව තිබෙනවා. ඔවුන්ට පුළුවන්කම තිබෙනවා... මාස 3-4 කලින් නිපදවන සීනි ප්‍රමාණය කියන්න ඔවුන්ට පුළුවන් කල් ඇතිව සතොස සහ පුද්ගලික ආයතන සමග සාකච්ඡා කරන්න. දුඹුරු සීනි වලට හොඳ ඉල්ලුමක් රටේ තිබෙනවා. පාකිස්තාන් අර්තාපල්වලට වැඩිය වැඩි මිලක් ගෙවලා ලංකාවේ අල මිලදී ගන්න පාරිභෝගිකයින් සැදී පැහැදී සිටිනවා... සීනි යනු එළවලු පලතුරු මෙන් දින කිහිපයක් තුළ නරක් වෙන දෙයක් නොවේ...