
(කේ. බුද්ධික කුමාරසිරි,තිලකරත්න දිසානායක, එච්.එම්.ධර්මපාල සහ රංජිත් රාජපක්ෂ)
කොළඹ ඇතුළු රට පුරා ඇති වූ තද සුළං හේතුවෙන් ගස් කඩා වැටීම් ඇතුළු ආපදා රැසක් වාර්තා වි ඇතැයි ආපදා කළමනාකරන මධ්‍යස්ථාන කියයි.
නිවාස රැසක වහලවලට දැඩි හානි සිදුව තිබේ. ගස් කඩාවැටීම නිසා විදුලි සැපයුමට දැඩි බාධා එල්ලවී ඇත.
කොළඹ ප්‍රදේශ රැසක විශාල දැන්විම් පුවරුද මාර්ගවලට කඩා වැටිම නිසා ගමනා ගමනයට බාධා එල්ලවී ඇත.
දෙහිවල රාමනාදන් මාවත අධිවේග මාර්ගය අසල නිවසක් මතට හෝටල් ගොඩනැගිල්ලක තහඩු සහිත විශාල වහලයක් ගලවාගෙන ඇවිත් වැටීමෙන් නිවසට දැඩි අලාභ හානි සිදුවී සිදුත තිබේ.
ගම්පහ - යක්කල මාර්ගයට විශාල ගසක් කඩා වැටිමෙන් එහි ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිටියේය. පොලිසිය සහ නගර සභාව මැදිහත්ව අද උදෑසන වනවිට ගස් ඉවත්කරමින් සිටිති.
හෝමාගම ගොඩගම ලයනල් ජයසිංහ මාවතේ ජයබිම ප්‍රදේශයේ හරහා ඊයේ (29) රාත්‍රී 11.45 ත් 11.55 ත් අතර කාලය තුළදී වැස්සත් සමඟ හමා ගිය දැඩි සුළඟකින් නිවාස 15 කට පමණ දැඩි ලෙස හානි වී ඇත.
එම ප්‍රදේශය හරහා හමා ගිය සුළඟින් නිවාස ගණනාවකම වහලවල් සුළඟට ගසා ගෙන ගොස් ඇති අතර ගස් ඉදිරි වැටීම නිසාවෙන් ද හානි රැසක් සිදුව ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.
එමෙන්ම මොරගහහේන ඉහල මිල්ලෑව උතුර ප්‍රදේශයේ නිවසකට සුළගින් දැඩි ලෙස හානි සිදුව ඇති අතර නිවසේ වහලයෙන් කොටසක්ම සුළගට ගසා ගෙන තිබුණි.
තවද එම ප්‍රදේශයේ ගස් කඩා වැටීම නිසාවෙන් විදුලිය විසන්ධි වී ඇති බවද ජනතාව පවසති.
ගිනිගත්හේන නෝර්ටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට වෝට් 33000 අධිබලැති විදුලි රැහැන් සහිත කණුවක්, ගස් කඩා වැටී ගල් පරිවත කිහිපයක් ප්‍රධාන මාර්ගයට කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (30) අලුයම 1:00 සිට ඇනහිට ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පැවසීය.
එම මාර්ගයේ හුළංවංගුව ප්‍රදේශයට මෙම ගස් සහ විදුලි කණු කඩා වැටී ඇති බවත්, එම තත්වය මත එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථා තත්වයට පත් කරන තෙක් එම මාර්ගයේ ගමන් ගන්නා වාහන හැටන් මාර්ගට ඔස්සේ ධාවනය කරවන ලෙස නෝර්ටන්බ්‍රිජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
නෝර්ටන්බ්‍රිජ් සිට ගිනිගත්හේන දක්වා ඇද ඇති අධි බලැති විදුලි රැහැන් පද්ධති කඩා වැටීම හේතුවෙන් නෝර්ටන්බ්‍රිජ් සහ ගිනිගත්හේන යන ප්‍රදේශවලට විදුලි බලය සම්පූර්ණයෙන් ඇනහිට ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.


(බුද්ධික කුමාරසිරි)


(එච්.එම්.ධර්මපාල)




(රංජිත් රාජපක්ෂ)
2025 නොවැම්බර් මස 04
627
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පළාත් රැසකට සුළඟින් දැඩි හානි