
(සුජිත් හේවාජුලිගේ)
බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හිටපු ඇමැතිවරුන් දෙදෙනා දඬුවම් විඳින සිරකරුවන් සිටින පොදු වාට්ටුවකට ඇතුළත් කෙරුණු බව බන්ධනාගාර කොමසාරිස්( මාධ්‍ය) ගාමිණී දිසානායක මහතා පැවසීය.
දෙදෙනා වෛද්‍යවරයාට ඉදිරිපත් කර සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව බන්ධනාගාරයේ වැඩ පැවරීම අද(30) කරන බවද හෙතෙම සඳහන් කළේය.
බරපතළ සිර දඬුවම් විඳින සිරකරුවන්ට අතුගෑමේ සිට ඉතා දුෂ්කර වැඩ දක්වා රාජකාරී පැවරීම කළ හැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
දෙදෙනාට සාමාන්‍ය දඬුවම් විඳින සිරකරුවන් වශයෙන් බන්ධනාගාරයේ ජීවත්වීමට සිදුවන බවත් කොට්ටයක් පැදුරක් හැරෙන්නට වෙනත් කිසිදු පහසුකමක් නොලැබෙන බවත් ගාමිණි දිසානායක මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සියල්ල නායකයා සහ නායකයින් දූෂිත වීමේ ප්‍රතිඵලයයි. මෙම සිද්ධිය අනුව නායකයා දිනවීමට බදු මුදල් අයථා ලෙස යෙදවා ඇත. ඒ වෙනුවට මොවුන්ට ඇති පමණ රාජ්‍ය මුදල් කොල්ලකෑමට ඉඩදී නායකයා නිහඬව සිට ඇත. දැන් මෙවැනි දෑ කළ සියලු දිනකට දහස්වරක් උන් මැරි මැරී ඉපදෙන තත්වයට මානසිකව පත්ව ඇති බව සහතිකයි.
මාස 7ක් ගියා හොඳ නිව්ස් එකක් අහන්න...
අනේ, අරවයින් කැරම් බෝඩ් එකකුයි දාම් ලෑල්ලකුයි දෙන්න. පව්නෙ.
මේ කුණු වූ රාජ්‍ය ආයතන තවමත් අමානුෂික සහ තුන්වන ලෝකයේ පිළිවෙත් පවත්වාගෙන යනවා. මේ ජරා වළ අතහැරලා විදේශගත වෙන්න
දැනට එහෙම තමයි ඉතින්. පසුවට ඕකා ඇතුළේ ඉන්න ජේලර්ලායි, ගෝල බාලයොයි, කොළ පාට, කහ පාට නෝට්ටුවලට වහ වැටිලා, පැදුර වෙනුවට මෙට්ටයක් දෙන්නවත් බැරි නැහැ
පව් කියලත් හිතෙනවා. එත් රටේ මිනිස්සු කොච්චරනම් පව් ද? රජා බලු වී , බල්ලා රහවෙයි කියනවානේ?"
ඒකත් මහජන මුදලින්.
බන්ධනාගාර පොදු වාට්ටුවේ ඉන්න සහෝදරවරුන් මේ මාව බලගත්තටත් වැඩිය හොඳට මේ ජෝඩුව බලාගන්න ඕනෙ. පොදු වාට්ටුවේ ඉන්න සහෝදරවරුන්ට, දැන් වැඩ කෝටියයි...ඉදිරියට වැඩ ප්‍රකෝටියයි...
කොට්ටෙයි පැදුරයිත් මුන්ට හොද වැඩියි, උල තියන්න ඕනා......
එහෙනම්, සොරකම් කළ මහජන මුදල් අයකර ගැනීමට ඊළඟ පියවර කුමක්ද ????, එසේ නොවුවහොත් මෙය නැවතත් මහජනතාවට බරක් වනු ඇත.
කරන කලට පව් මීරිය මීසේ - විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
ලුම්බිණි, මීසේ රස පව් දැන් කිලෝ එකක් කීයද?
ඇයි කැරම් බෝඩ් එකක් දෙන්නේ නැතෙයි?
දුප්පත් ජනතාවගේ මුදල් සොරකම් කළ අයට සාප වෙනවා. ඒ අය ආරක්ෂා කළ අයටත් එහෙම වෙනවා. හොර බෙහෙත් ගෙන්වා අහිංසක පාසල් දියණියක් මරා දැමූ දහසක් දෙනාගේ ඇස් අන්ධ කළ අයටත් සාප වෙනවා.
රජකම් කළත් කළකම් ඵලදේ...
මොහුට නියම කළ දඬුවමට මම අධිකරණයට ස්තුතිවන්ත වන අතර, එක්ස්ප්‍රස් පෙර්ල් වන්දියට, sri lankan ගුවන් සේවයේ ඩොලර් මිලියනයක අල්ලස් සිද්ධියේ චූදිතයින් වන කපිල චන්ද්‍රසේන, වැනි පුද්ගලයින් සම්බන්ධ නඩුත් ඉක්මනින් විසඳා සුදුසු තීන්දුවක් දෙනු ඇති බවට බලපොරොත්තු වෙමි. තවද වීසා මගඩියේ සහ වෙනත් කරුණු මත ඍජු චෝදනා එල්ලවන ටිරාන් අලස්ට විරුද්ධව පරීක්ෂණ කර ඔහුට විරුද්ධව කඩිනමින් චෝදනා අධිකරණයේ ගොනු කරණ ලෙස රජයට බලකර සිටිමි. නමුත් බන්ධනාගාරේ සිටින බහුතරයක් රැඳවියන් ජීවත් වන්නේ ඉතා අවම සනීපාරක්ෂක තත්වයන් යටතේ බව සඳහන් කරන්න ඕනේ.., ඔවුන්ගේ සනීපාරක්ෂාව සහ සුබසාධනය ගැන බලධාරීන් මෙයට වැඩිය සොයා බලන්න ඕනේ...
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් යුතුව ඇසිය යුතුවේ. ඔය කියන බන්ධනාගාර උදවියම අනන්තවත් හේතු කියයි මෙට්ටයක් සමගින් කෑම වේල ලබාදෙන්න හේතු කාරණා.
"අතු ගෑම" දුෂ්කර කාර්යයක් වෙන්නේ කොහොමද? මම ඕක හැමදාම කරනවානේ.
මම අහලා තියෙනවා සමහර කට්ටිය රෑට රෑට ගෙවල් වලටත් ගිහිං එනවා කියලා. ඇත්තද මන්දා...?
තිස්සයෝ ඔයත් ඉන්නේ හිරේද?
මෙම රාජ්‍ය මුදල් කොල්ල කෑමට ආධාර අනුබල දුන් අමු කපටි පාදඩ මහින්ද රාජපක්ෂට ස්වභාවික යුක්තිය අනුව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි විය යුතුයි. නමුත් අද ඒ වසලයා මහජන දේපල මුදල් ලබමින් යහතින් කොළඹ 7 මන්දිරයක සැපසේ ඉන්නවා. එනිසා කරනුකාර මහින්ද රාජපක්ෂ කියන වසලයා යන යන තැන මහජතාව ඔහුට 'හූ' කියන්නත් විරෝධය දක්වන්නත් කටයුතු කරන්න...
දැන් මහින්දානන්දයට පුළුවන් එයාගේ භාර්යාව වුණු දැන් ඇතුලේ ඉන්නේ දුමින්දගේ පරණ බිරිඳ ගැන රසකතා බෙදා හදා ගන්න...