
(දිලංගා ගෝමස්)
වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී පොලිස් භාරයට ගත් ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි ශ්‍රීලනිප මහලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක කළ ඇප ඉල්ලීම ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය අද (29) ප්‍රතික්ෂේප කළාය.
ඒ අනුව දුමින්ද දිසානායක මහතා ලබන ජූනි මස 05 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් ඔහුගේ නිවස පරික්ෂා කිරීමට සෝදිසි වරෙන්තු නිකුත් කිරීමටත් මහේස්ත්‍රාත්වරිය අද කටයුතු කළාය.
හතරවන සැකකරු වන දුමින්ද දිසානායක මහතා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර එල්ල වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔහුගේ ළමා කාලය ගත කළ බවත් ඔහුගේ පියා බර්ටි ප්‍රේමලාල් මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, කැබිනට් අමාත්‍යවරයකු හා උතුරු මැද පළාත් මහ ඇමති ලෙසද කටයුතු කර ඇති පසුබිමක ඔහුගේ පියාට සහ පවුලේ උදවියට අනුරාධපුර ප්‍රදේශයේ පැවැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී තර්ජන හේතුවෙන් ඔවුන්ගේ ආරක්ෂාවට පොලිස් නිළධාරීන් ,යුද හමුදා නිලධාරින් , හා එස්ටීඑෆ් නිලධාරීන් යොදා තිබූ බවත් 4 වන සැකකරු කුඩා කල සිටම හැදී වැඩුනේ අවි ආයුධ තිබුණු වටපිටාවක බැවින් අවි ආයුධ මොහුට විශේෂත්වයක් නොවන බවට සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකඩෝ, ජනාධිපති නීතීඥතුමා තුන්වන ඡේදයෙන්, කථා පොජ්ජ මරුවට විග්‍රහ කරලා තියෙනවනේ. ආයුධ තිබුණු වටපිටාවක හැදුණු-වැඩුණු පළියට මේ චෝදනාවෙන් නිදහස් කරන්න පුළුවන්නම්, හමුදාවේ සහ පොලීසියේ ඉන්න කට්ටිය, ඒවායේ ආයුධ ගබඩා භාර කට්ටිය මේ රටේ මොනවා නොකරයිද?
ආයුධ සෙල්ලම් බඩු වගේ නිසාද අර වයසක කෙනාට දුන්නේ... ඕක රැකගන්න? අපරාදේ ඒ මිනිස්සුත් අමාරුවේ. මේ වගේ බොළඳ කතා කියන්නේ කාව රවටන්නද?
අපුරු නීති තර්කනේ මෙයා දාන්නේ, ඔය කතාව උසාවි පිළිගතහොත් උතුරු නැගෙනහිර ජනතාවට ඕනම අවි ආයුධයක් ලග තියාගෙන නීතියෙන් බේරෙන්න පුළුවන්. අපි වසර තිහක් ජීවත් උනේ බරපතල යුදමය වාතාවරණයක් තුළ ඒ කාලයේ මෝටර් බෝම්බ කාලතුවක්කු වගේම රොකට් වෙඩිත් අපි හිටිය ප්‍රදේශ වල නිතර පත්තු වුණා, ඒවා නැතුව දැන් අපිට නිකම් පාලුයි වගේ ඒ නිසා අපි දැන් තුවක්කුවක් පතරම් එකතු කරනවා කියලා...
ඒ නීතිඥතුමා නම් මරු.
එච්චර ගානක් නැත්නම් මොකටද කාටවත් දුන්නේ. ඒකෙන් මොනවද කලේ.
දැන් දුමින්දට පුළුවන් එයාගේ පරණ භාර්‍යාව වෙච්චි දැන් මහින්දානන්දගේ බිරිඳ ගැන රස කතා බෙදා හදා ගන්න.