
(රෝෂන් තුෂාර)
වෙරි වී එමිරේට් ගුවන් සේවිකාවකාවකට ලිංගික අඩත්තේට්ටම් කළේ යැයි කියන නෞකාවක කපිතාන්වරයකු ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද නියෝග කළාය.
ගුවන්තොටුපල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යාපනයේ පදිංචි කනකසභාපති කුෂාන්තන් නමැත්තා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ගුවන්තොටුපල පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් සැකකරු ඩුබායි සිට පැමිණීමේදී අප‍්‍රිකානු සම්භවයක් ඇති පැමිණිලිකාර එමිරේට් ගුවන් සේවිකාවගේ ශරීරය තදින් ස්පර්ශ කර ලිංගික අඩත්තේට්ටම් කර ඇතැයිද ජාත්‍යන්තරව අපකීර්තියක් ගෙනදෙන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන හෙයින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලීමෙන් අනතුරව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළ මහේස්ත‍්‍රාත්වරිය පැමිණල්ල යළි කැඳවන ලබන 05 වැනිදා විමර්ශන ප‍්‍රගතිය ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ගෞරවයක් ගෙනදුන් මෙතුමා නාමල් තුමාගේ ආසන සංවිධායක ධුරයකට පත්කරමු.