
(යොහාන් භාසුර)
අධික වර්ෂාව සහ දැඩි සුළං තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 9 ක පවුල් 485 කට අයත් පුද්ගලයන් 1,757 ක් ආපදාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (30) පැවසීය.
පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පුද්ගලයෙක් දියේ ගිලීමෙන් පුද්ගලයෙක් මරණයට පත්ව ඇති බව ද එම මධ්‍යස්ථානය කීය.
අධික වර්ෂා, දැඩි සුළං සහ ගංවතුර හේතුවෙන් එම පුද්ගලයන් ආපදාවට ලක්ව ඇති බවත් ඊයේ (29 වැනිදා) දැඩි වර්ෂාව සහ සුළං ආරම්භ වූ දිනයේ සිට මෙම පිරිස ආපදාවට පත්ව ඇති බවත් එම මධ්‍යස්ථානය කියයි.
පුත්තලම, යාපනය, කිලිනොච්චිය, හම්බන්තොට, ගාල්ල, කළුතර, කොළඹ, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට වර්ෂාවෙන් සහ දැඩි සුළගින් දැඩි බලපෑම් වී ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කළේය.
රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 168 කට අයත් පුද්ගලයන් 614 ක්, පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 146 කට අයත් පුද්ගලයන් 486 ක්, කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 79 කට අයත් පුද්ගලයන් 304 ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 51 කට අයත් පුද්ගලයන් 204 ක් ආපදාවට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
ආපදා හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ නිවස දෙකක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවසක් සම්පූර්ණයෙන්ම හානියට පත්ව ඇති බවත් අපදාවට පත්ව සිටි දිස්ත්‍රික්කවල නිවාස 365 කට අර්ධ හානිවී ඇති බවත් එම මධ්‍යස්ථානය පැවසීය.
එම ආපදාවලින් පුද්ගලයන් 8 ක් තුවාල ලබා සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
621
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වර්ෂාවෙන් පුද්ගලයන් 1757ක් අමාරුවේ