පතුල් පහළ ප්‍රමුඛතා බස් සේවාව 21 දා සිට ආබාධිත පුද්ගලයින් සඳහා පතුල් පහල ප්‍රමුඛතා බස්රථ සේවාවක් නියමු ව්‍යාපෘතියක් ලෙස ලබන 21 දින සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට ක්‍රියාත්මක කිරීම ප්‍රවාහන,මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. 19 April 2026
ලක්ෂ 30ක කුඩු සමඟ අයෙක් මාට්ටු රුපියල් ලක්ෂ තිහක් පමණ වටින මත් කුඩු තොගයක් සමග පාතාල කණ්ඩායම් නායක සමන් කොල්ලාගේ ගෝලයකු අම්බලන්ගොඩ දේවගොඩදී සැකපිට අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්ධන අංශය කියයි. 19 April 2026
නිවසට ගිනි තියලා මව- දියණිය මරුට: දෙන්නෙක් රෝහලට කිසියම් පිරිසක් මහරගම දෙමහල් නිවසක ඉහළ මහලට ගිනි තැබීමෙන් එකම පවුලේ මවක් සහ දියණියක් මියගොස් තවත් පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මහරගම පොලීසිය සඳහන් කරයි. 19 April 2026
ඉන්දිය උප ජනපති එයි ඉන්දීය උප ජනාධිපති සී.පී.රාධා ක්‍රිශ්ණන් මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා අද(19) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය . 19 April 2026
මිදිගම නිවසකට වෙඩි මිදිගම, ගංගොඩගම , නිවසකට කිසියම් පිරිසක් විසින් වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කොට පලා ගොස් ඇතැයි මිදිගම පොලිසිය පවසයි . 19 April 2026
පරාක්‍රම සමුද්‍රය ආසන්නයෙන් උණ්ඩ 1,298ක් මතුවෙයි පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයට නුදුරින් පිහිටි ඩී.එස්.සේනානායක පිළිරුව අභියස සඟවා තිබූ ටී 56 උණ්ඩ 1,298ක් සොයා ගැනීමට හැකි වූ බව පොළොන්නරුව මූලස්ථාන පොලිසිය කියයි. 19 April 2026
අවුරුදු උත්සවයේ ගැටුමෙන් 7ක් රෝහලේ ආණමඩුව කරඹෑව ප්‍රදේශයේ අවුරුදු උත්සවයක් අතර තුරදී ඇතිවු ගැටුමකින් තුවාල ලැබු හත් දෙනෙකු ආණමඩුව මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය පවසයි. 19 April 2026
‘‘අවිහිංසාවාදය‘‘ ලොවට ගෙන යන සාම පා ගමනට සියල්ල සූදානම් අවිහිංසාවාදී පණිවිඩය ලොවට ගෙන යන ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවට සහභාගී වීම සඳහා ඇමරිකානු සාම පාගමනට නායකත්වය දුන් අලුත්ගම පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු දොළොස්නමක් නමක් දිවයිනට වැඩිම කරනු ලැබ සිටිති. 18 April 2026
දින පහළොවට නාවික හමුදාවෙන් ලොකු මෙහෙයුමක් ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු එක්ව 2026 අප්‍රේල් මස 01 සිට 15 දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදු කළ මෙහෙයුම වලින් නීති විරෝධි ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදු කළ පුද්ගලයන් හතලිස් එක් දෙනකු සහ ඩිංගි යාත්‍රා 11 ට්‍රැක්ටර් රථ දෙකක් අත් අඩංගුවට ගෙන තිබේ. 18 April 2026
ගල්අඟුරු ’’ෆයිල්’’ අරන් සජබ හෙට අල්ලස් කොමිසමට ආන්දෝලනාත්මක ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට හෙට සඳුදා පැමිණිල්ලක් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත. 18 April 2026
ඇළෙන් ගොඩ ආ අලියා වාහනවලට පහරදීලා මාදුරුඔය, ඉසඩ්.ඩී ඇළට වැටී පැය කිහිපයකට පසු ගොඩට ආ වන අලියකු වනජීවී කැබ්රියට සහ යතුරු පැදි හතරකට පහර දී හානි සිදුකර මැදගම රක්ෂිතයට පලාගිය බව පිඹුරත්තෑව වනජීවී නිලධාරීහු සඳහන් කළහ. 18 April 2026
කොළඹ පාරවල්වල හෙට ගමනා ගමනය සීමා වේ ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධා ක්‍රිෂ්ණත් මහතා හෙට (19) සහ අනිද්දා (20) ලංකාවේ නිල සංචාරයක නිරත වන අතර ඒ සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව කොළඹ රථ වාහන කොට්ඨාශය පවසයි. 18 April 2026
කුමාරගේ පුටුවට අනුර ? කුමාර ජයකොඩි මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ බලශක්ති අමාත්‍ය ධුරයට වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතාගේ නම යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. 18 April 2026
පොලිසියෙන් බේරෙන්න කුඩ්ඩා මුහුදට පැනලා බේරුවල ධීවරවරායේ මත්ද්‍රව්‍ය අලෙව් කිරීමේ ජාවාරමක නිරතව සිට පුද්ගලයකු පොලිසියෙන් බේරිම සඳහා මුහුදට පැන ඇති අතර ඔහු මුහුදේ ගිලි මිය ගොස් ඇතැයි බේරුවල පොලිසිය කියයි. 18 April 2026
හිටපු මන්ත්‍රී සම්පත් අතුකෝරළට තියුණු ආයුද ප්‍රහාරයක් හිටපු ගාලු දිස්තික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු ගාලු දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති සම්පත් අතුකෝරළ මහතා තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කළ බව පිටිගල පොලීසිය කියයි. 18 April 2026
මැතිසබේ අමුතු වැඩ: හිටපු මන්ත්රීලාගෙන් ලෝක සංවිධාන තුනකට පැමිණිලි පාර්ලිමේන්තුවේ සිදුවී ඇතැයි කියන නීති විරෝධී හා සදාචාර විරෝධී ක්‍රියා විවිධ අඩන්තේට්ටම් සහ අක්‍රමිකතා සම්බන්ධ සිද්ධීන් හතරක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇත. 18 April 2026
අනිද්දායින් පසු රට පුරා වැස්ස බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් පස්වරු 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 April 2026
පෙට්‍රල් වාහන සඳහා QR යළි අද සිට ක්‍රියාත්මකයි පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමවේදය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට යළි ක්‍රියාත්මක බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පැවසුවේ පැවැසීය. 18 April 2026
S.F සුද්දා රැගෙන එයි ඉන්දියාවේ නවදිල්ලි නුවරදි අත්අඩංගුවට ගත් සනත් ද සිල්වා නොහොත් ’’ S.F. රාජු ’’ නැමැත්තා ඊයේ රාත්‍රී ඉන්දියාවේ සිට විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ . 18 April 2026
ක්ලීන් ශ්‍රී ලංකා’ ප්‍රගතිය ජනපති අධීක්ෂණයට ’ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහනේ 2026 වර්ෂය සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම සහ පසුගිය වර්ෂයේ ප්‍රගතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (17) පැවැත්විණි. 17 April 2026
කඩේ බඩු සොරා ගත්තැයි කතකගේ කොණ්ඩය කපලා වෙළඳ සලක බඩු සොරකම් කළ බව කියන කාන්තාවකගේ හිස කෙස් කතුරකින් කපන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වීමෙන් පැය 24 ක් යාමට මත්තෙන් කොණ්ඩය කැපූ බව කියන ප්‍රධාන සැකකාරිය ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි. 17 April 2026
බොරතෙල් නෞකාව කොළඹ වරායට මැද පෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසු මෙරටට බොර තෙල් රැගෙන එන පළමු නෞකාව අද කොළඹ වරායට පැමිණියේය. 17 April 2026
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ X සටහනක් තබම්න් පැවසීය. 17 April 2026
බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් පත් කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා පත් කරනු ලැබ තිබේ. 17 April 2026
කුමාරගෙන් ජනපති අනුරට ලියුමක් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා එම තනතුරින් ඉවත්වීමට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවා ඇත. 17 April 2026
බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා අද (17) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපි ඉදිරිපත් කරමින් සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී තිබේ. 17 April 2026
ගමේ ගිය අයට කොළඹ එන්න විශේෂ දුම්රිය හෙට (18)සහ අනිද්දා(19) සාමාන්‍ය දුම්රිය ධාවනයට අමතරව අමතර දුම්රිය ධාවනය කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි. 17 April 2026
සැමියාගේ පිහිපහරින් බිරිය මරුට වටවල පොලිස් වසමට අයත් වැලිඔය යූ.ඩී.කේ. කොටසේ පදිංචි 27 හැවිරිදි එක් දරු මවක් සිය සැමියා විසින් අද (17) නිදි යහනේදි තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බව වටවල පොලිසිය පැවසීය. 17 April 2026
දැදුරුඔයේ ගිලිනු අට දෙනාම මරුට කොබෙයිගනේ ප්‍රදේශයෙන් දැදුරුඔයේ ඇඹලයාගම මංකඩේ දිය නෑමට ගිය පුද්ගලයන් අට දෙනාගේ සිරුරු අද දහවල්වන විට සොයාගත් බව පොලිසිය කියයි. 17 April 2026
ගල් අඟුරු මිලදී ගැනීම් විමර්ශනයට ජනාධිපති කොමිසමක් ශ්‍රී ලංකාවේ ගල් අඟුරු ආශ්රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට 2026 අප්‍රේල් 16 වන දිනෙන් අවසන් වූ කාල සීමාවේ රජයට අයත් සී/ස ගල්අඟුරු පුද්ගලික සමාගම හෝ එහි අනුප්රාප්තිකයින් මඟින් ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 1978 අංක 04 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා (විශේෂ විධිවිධාන) පනතේ සංශෝධිත ජාතික ර 17 April 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026