හිටපු මන්ත්‍රී රඳවා ප්‍රශ්න කරන්න අවසර ගිනි අවියක්, ජීව අත් බෝම්බයක් සහ ජිව උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා ගෙන් පැය 72 ක රැඳයුම් නියෝග මත ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 17 April 2026
එක ශ්‍රේණි ගුරු පුහුණු මැයි 16 අවසන් 2026 වර්ෂයේ 1 ශ්‍රේණිය II සහ III වන වාරවලට අදාළ ක්‍රියාකාරකම් පොත් බෙදා හැරීම මේ වන විට ආරම්භ කර ඇති අතර ලබන 30 දින වන විට සියලුම පාසල් වෙත බෙදාහැර අවසන් කිරීමට නියමිත බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පවසයි. 17 April 2026
මෝටර් රිය අඩි 300ක් පහළට : අයෙක් මරුට බලංගොඩ සිට බගවන්තලාව හරහා මහනුවර දක්වා ධානයව වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔය අසළට පෙරලිමෙන් එම මෝටර් රථයේ ගමන් ගත් එක් අයෙකු එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වී කාන්තාවන් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මූලික රෝහලට (17) දින ඇතුළත් කළ බව බගවන්තලාව පොලීසිය කියයි. 17 April 2026
අහුන්ගල්ලේ වෙඩි තැබීමක් පාතාල නායකයෙකුවූ ලොකු පැටීගේ සහෝදරයා වන වන පොඩි පැටී නොහොත් ලත්තුවාහන්දි සුගත් නුවන් කුමාර නමැත්තා ගමන් ගත් ත්‍රිරෝද රථයට ඊයේ (16) අහුන්ගල්ලේදී වෙඩි තබා ඇතැයි අහුන්ගල්ල පොලීසිය කියයි. 17 April 2026
දින හතරට ජල රකුසා 20ක් ඩැහැ ගනී අප්‍රේල් 12 වනදා සිට ඊයේ (16) දක්වා වූ දින හතර තුල දියේ ගිලීමෙන් 20 දෙනකු දෙනකු අවාසනාවන්ත ලෙස දියේ ගිලි මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසයි. 17 April 2026
පළාත් හතරකට අද පස්වරුවේ වැස්සක් බස්නාහිර, සබරගමුව, දකුණු, සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 April 2026
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වැඩ යළි නවතී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය නැවතත් අක්‍රියවීම හේතුවෙන් එම දෙපාර්තමේන්තුව ජනතාවට සපයන සියලුම සේවාවන් හෙට (17) දිනයේ ක්‍රියාත්මක නොවන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් එච්. එම්. ජේ. එම්. හේරත් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 16 April 2026
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. 16 April 2026
කුඩු බවට සැක ධීවර බෝට්ටුවක් සමග හතරක් මාට්ටු ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 16 April 2026
කාසල්රී-මාවුස්සාකැලේ ජල මට්ටම පහළට මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තව දුරක් පහළ බසිමින් පවතින ඇති බව එම ජලාශභාර ඉංජිනේරු කියති. 16 April 2026
නව ජවයකින් ජනතාවාදී වැඩපිළිවෙළට කැපවෙමු අලුත් අදහස් සහ සැලසුම් සමඟ නව ජවයකින් යුතුව ජනාධිපතිවරයාගේ ජනතාවාදී වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට කැපවෙමු’යි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති කාර්ය මණ්ඩලය හමුවේ පැවසීය. 16 April 2026
හිටපු මන්ත්‍රී චන්දන අත්අඩංගුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කස්ත්‍රිආරච්චි අධිකරණයෙන් ලබාගත් සොදිසි වරෙන්තුවක් මත සැකපිට කොළඹ අපරාද කේට්ඨසය විසින් මීට සුළු වේලාවකට පෙර අත්තඅඩංගුවට ගනු ලැබීය. 16 April 2026
පාසල් සඳුදා ඇරේ... සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් වසා දැමුණු සියලුම පාසල් ලබන 20 වැනි සඳුදා යළි ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 16 April 2026
ඉරාන පාපන්දු කණ්ඩායම ක්‍රීඩා කරන්න ඇමෙරිකා එනවා යුදමය වාතාවරණය හමුවේ වුවත්, ඉදිරියේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ඉරාන කණ්ඩායම අනිවාර්යයෙන්ම ඇමෙරිකාවට පැමිණෙන බව, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ අවධාරණය කර තිබේ. 16 April 2026
14 වැනි ලියෝ පාප්තුමා කැමරූන් රාජ්‍යයට ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප්තුමා අප්‍රිකා සංචාරයක නියැලෙයි. දින 11 ක මෙම සංචාරයේ දී පාප්තුමා අප්‍රික රටවල් කීපයක සංචාරය කිරැමට නියමිතය. 16 April 2026
තැපෑලේ වංචා 40කට ’’කෝපා’’ කෝපවෙයි තැපෑලේ රුපියල් කෝටි හතකට අදාල මූල්‍ය වංචා හතළිහක විමර්ශන අවසන්කර නැති හෙයින් ඒවා කඩිනමින් අවසන් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව )තැපැල් දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත. 16 April 2026
දෙවැනි වටයේ සාකච්ඡා ඇරැඹෙන ලකුණු දෙවැනි වටයේ සාම සාකච්ඡා සඳහා ඇමෙරිකා සහ ඉරාන නියෝජිතයන් සූදානම් බව පාකිස්තානය පැවැසීය. 16 April 2026
යුද්ධය ගෝලීය ආර්ථිකයට බරක් ඇමෙරිකා ඉරාන යුදමය තත්ත්වය දැනටමත් ගෝලීය ආර්ථිකයට බරක්වී ඇති බවත්, ගෝලීය ආර්ථික අවධමනයක් සහ ආර්ථික වර්ධනවලට දැඩි බලපෑම් එල්ලවිය හැකි බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අගවයි. 16 April 2026
හිටපු යුද හමුදා මේජර්ගේ නිවසට ගිනි තියලා පොලිසියට ඔත්තු දුන්නැයි සැකයෙන් හිටපු යුද හමුදා මේජර්වරයෙකුගේ නිවසකට ඊයේ (15) රාත්‍රී තියුණු ආයුධ රැගෙන කඩා වැදුණු නාදුනන පුද්ගලයන් පිරිසක් එම නිවස ගිනි තබා පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන්කරයි. 16 April 2026
රට යටත් විජිතයක් වෙන හැටි වජිර කියයි මේ මොහොතේ රනිල්ගේ දේශපාලන ආර්ථික සහ ජාත්‍යන්තර පලපුරුද්දෙන් ප්‍රයෝජන නොගත්තොත් ලංකාව අනිවාර්යයෙන්ම යටත් විජිතයක් බවට පත්වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 16 April 2026
වන අලියාගේ පහරකෑ අයෙක් මරුට අම්පාර, මහඔය , උණුවතුර බුබුල පොල්ගස්තලාව ප්‍රදේශයේදි වන අලියෙකු පහරදි පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 16 April 2026
තුන්සක රියට අත්තක් කඩා වැටී හෙද නිලධාරියා මරුට අකුරැස්ස කඹුරුපිටිය මාර්ගයේ නිල්වලා අධ්‍යාපන විද්‍යා පීඨය ආසන්නයෙන් ධාවනය වූ ත්‍රී රෝද රථයක් මතට ඔලිගන් රක්ෂිතයේ තිබූ අඩි 80 ක් පමණ උස මිල්ල ගසක අත්තක් කඩා වැටීම හේතුවෙන් එම ත්‍රී රෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ හෙද නිලධාරීයෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි අකුරැස්ස පොලීසිය පවසයි. 16 April 2026
පුද්ගලයෙකුට කඩුවකින් කෙටු දෙන්නෙක් අල්ලයි බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේදී පුද්ගලයකු පසුපස හඹා ගොස් පහරදී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය සඳහන් කරයි. 16 April 2026
රටේ පැත්තකට අද වැස්ස බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලට පස්වරු 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව කියයි . 16 April 2026
පරිගණක අපරාධකරුවෝ පිරිසක් ගුවන්තොටේදී මාට්ටු පරිගණක මූල්‍ය අපරාධ ( Cyber Crimes ) සිදු කිරීම සදහා මෙරටට පැමිණෙමින් සිටි චීන ජාතිකයන් 09 දෙනෙක් සමග , රුපියල් දෙදෙකෝටි හතලිස් ලක්ෂ විසි දහසක් වටිනා විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් ද සමග කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යමින් සිටිය දී , ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ. 16 April 2026
බස් ටිකක් අද අඩුයි පෞදිගලික බස් රථ අද (16) දිනයේ සියයට 50 - 60ත් අතර ප්‍රමාණයක් ධාවනයට යොදවනු ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. 16 April 2026
අවුරුදු දා බීල ගිහින් 104ක් ලෙඩ දා ගෙන අවුරුදු දා(14) බීමත් රියැදුරන් 104 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 16 April 2026
කරන්දෙණිය සුද්දාගේ මස්සිනා ඉන්දියාවේ දී මාට්ටු සංවිධානාත්මක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පාතාල සාමාජික කරන්දෙනිය සුද්දා නැමැත්තාගේ සහෝදරයා වන කරකරන්දෙනිය සනත් ද සිල්වා නොහොත් රාජු නැමැත්තා ඉන්දියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය. 15 April 2026
යුද්ධය අවසන් වෙන්න ආසන්නයි ඇමෙරිකා ඉරාන යුද්ධය අවසන් වීමට ’’ඉතා ආසන්න’’ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. ඒ, ’මෝනින්ග්ස් විත් මරියා’ වැඩසටහන සඳහා ෆොක්ස් බිස්නස් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය. 15 April 2026
ජනපති රාමඤ්ඤ මහා නිකායේ මහ නාහිමි බැහැ දකී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අග්ගමහා පණ්ඩිත මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නා හිමි බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය. 15 April 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026