
(යොහාන් භාසුර)
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය නැවතත් අක්‍රියවීම හේතුවෙන් එම දෙපාර්තමේන්තුව ජනතාවට සපයන සියලුම සේවාවන් හෙට (17) දිනයේ ක්‍රියාත්මක නොවන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් එච්. එම්. ජේ. එම්. හේරත් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව පත්තරමුල්ලේ පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් සහ එම දෙපාර්තමේන්තුවේ සෙසු පළාත් කාර්යාලවලින් හෙට දිනයේ සේවාවන් ලබාගත නොහැකි බවත් එම දෙපාර්තමේන්තුව පරිගණක පද්ධතියේ හදිසි බිඳ වැටීම යථා තත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වැඩිදුරටත් සඳහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යල්පැනගිය පරිගණක උපකරණ සහ මෘදුකාංග වලට පුරුදු වූ පරිගණක අංශ නිලධාරීන්ට කල හැකි දෙයක් නැති බව ඇත්ත නේද? නවීන පද්ධති ගන්න අවශ්‍ය නිර්ණායක දෙන්නවත් ඔය කාර්ය මණ්ඩලයට බෑ නේද? කළ හැකි එකම ක්‍රමය උපකරණ සහ මෘදුකාංග සැපයුම් කරුවන් මත විශ්වාසය තැබීම... කණගාටුදායක ලෙස පරිහානියට ගිය රාජ්‍ය අංශයේ තාක්ෂණික දැනුම...!