ඉතාලි අගමැතිනියගේ අප්‍රසාදය 14 වන ලියෝ පාප්තුමන් සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ විවේචනාත්මක ප්‍රකාශ කිසිසේත් අනුමත කළ නොහැකි බව ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි පවස ඇත. ඒ ට්‍රම්ප්ට සිය අප්‍රසාදය පළ කරමිණි. 14 April 2026
ඕස්ට්‍රේලියාවේ හමුදා නායකත්වය කාන්තාවකට ඕස්ට්‍රේලියා යුද හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට එහි නායකත්වය සඳහා කාන්තාවක් පත් කරන බව එරට රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. මෙය එරට ආරක්ෂක අංශ නායකත්වයේ සිදු කළ ප්‍රධාන වෙනස්කම් මාලාවක කොටසක් ලෙසයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. 14 April 2026
ගැටුමට හමුදා විසඳුමක් නෑ පවතින ගැටුම් සඳහා කිසිදු හමුදාමය විසඳුමක් නොමැති බවත්, සතුරුකම් නැවත ආරම්භ වීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චිට පැහැදිලි කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 14 April 2026
තෙල් නැව් දෙකක් ආපසු හරවලා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි පනවනු ලැබූ නාවික අවහිර කිරීම් ක්‍රියාත්මක වීමත් සමඟ, හෝමුස් සමුද්‍ර සන්ධිය අසලින් ගමන් කරමින් තිබූ දැවැන්ත තෙල් ටැංකි නෞකා දෙකක් සිය ගමන් මාර්ගය වෙනස් කර ආපසු හැරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 14 April 2026
සාකච්ඡා යළි ඇරැඹෙන ලකුණු ඇමරිකාව සහ ඉරානය අතර බිඳ වැටී ඇති රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ සාකච්ඡා යළි ආරම්භ වීමේ සුබදායී ලකුණු පහළ වෙමින් පවතින බව පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් මාධය හමුවේ පැහැදිලි කර ඇත. 14 April 2026
මැදහත්කරුවෝ තුන්දෙනෙක් ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පවතින යුදමය වාතාවරණය අවසන් කිරීමේ අරමුණින් පාකිස්ථානය, ඊජිප්තුව සහ තුර්කිය ඉදිරි දින කිහිපය තුළ තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 14 April 2026
ලෝක පූජිත නාට්‍ය කණ්ඩායමක් දිවයිනට එංගලන්තයේ ලෝක පූජිත ’’වෙස්ටෙන්ඩ්’’ නාට්‍ය කණ්ඩායම ශ්‍රී ලංකාවේ ’’ ලා බම්බා ’’ ( LA BAMBA ) ’’ ද සෝන්ග් ඔෆ් ද වෙරාක්රුස් ’’ නැමති , සංගීතමය නාට්‍ය රග දැක්වීම සදහා , අද පස්වරුවේ දිවයිනට පැමිණියහ . 13 April 2026
අධිවේගයෙන් වාර්තා ගත ආදායමක් අලුත් අවුරුදු වෙනුවෙන් ගම්බිම් බලා අධිවේගි මාර්ග භාවිතා කරමින් ඉකුත් 10 -12 ද ක්වා දින තුනක කාලයේ ගමන් ගත් රථ වාහන වලින් රුපියල් එකසිය හැටතුන් කෝටි විසි නව ලක්ෂ එක්දහස් හැටපහක ආදායමක් ලැබී ඇතැයි මහා මාර්ග අමාත්‍යාංශය පවසයි. 13 April 2026
ඉරාන නැව් අවහිර කරන්න - ට්‍රම්ප් පාකිස්ථානයේ පැවැති සාම සාකච්ඡා බිඳ වැටීමත් සමග අමෙරිකාව සහ ඉරානය අතර පවතින නොසන්සුන්කාරී තත්ත්වය තීරණාත්මක මට්ටමකට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 13 April 2026
ආශා බෝස්ලේ සමුගනී ඉන්දීය සිනමාවේ සහ සංගීත ලෝකයේ නොමැකෙන සලකුණක් තැබූ ප්‍රවීණ ගායන ශිල්පිනී ආශා බෝස්ලේගේ අවසන් කටයුතු අද (13) සවස සිදුවෙයි. 13 April 2026
ට්‍රම්ප් ජේසුට සමාන කරලා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තමන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට සමාන වන අයුරින් දැක්වෙන කෘත්‍රිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ලද සිතුවමක් සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර ඇත. 13 April 2026
ට්‍රම්ප් පාප්තුමා විවේචනය කරලා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශුද්ධෝත්තම ලියෝ පාප්තුමන් දැඩි ලෙස විවේචනයට ලක් කර ඇත. ඒ, සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේය. 13 April 2026
ලංකා ගල් අඟුරු සමාගමෙන් නිවේදනයක් හදිසි ගල් අඟුරු සැපයුමේදී අදාල ටෙන්ඩර් පටිපාටිය හා අදාල ප්‍රසම්පාදන ක්‍රමවේදය නියම ආකාරයෙන් අනුගමනය කර ඇති බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ජයන්ත රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 13 April 2026
අව්වේ අවුරුදු ක්‍රීඩා බලාගෙනයි අවුරුදු සමයේ අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී පවතින අධික උෂ්ණත්වය ගැන අවධානය යොමු කරන ලෙස ජාතික ක්‍රීඩා විද්‍යායතනය ඉල්ලීමක් කරයි. 13 April 2026
කෝටි දෙකක අධිබලැති යතුරු පැදි පහක් සමග ගරාජ් හිමියෙක් මාට්ටු මෙරට ලියාපදිංචි කිරීමට නොහැකි රුපියල් කෝටි 02 ආසන්න වටිනා අධිබලැති යතුරුපැදි පහක් එකලස් කරමින් සිටි ගරාජ් හිමියකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය සඳහන් කරයි. 13 April 2026
ජල ටැංකියක බිළිඳු සිරුරක් පොළොන්නරුව මහ රෝහලේ අපවාහන ජල ටැංකියක තිබී බිළිඳු මළ සිරුරක් අද (13) සොයාගත් බව පොළොන්නරුව මූලස්ථාන පොලිසිය පවසයි. 13 April 2026
විද්‍යා පීඨ සම්මුඛ පරීක්ෂණ වලට දින නියම කරයි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අප්‍රේල් 21 සිට මැයි 8 දක්වා අදාළ විද්‍යාපීඨයන් හී පැවැත්වෙන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. 13 April 2026
කතරගම දේවලයෙන් අලුත් අවුරුද්දේ නිවේදනයක් මෙවර උදාවූ සිංහල හා හිංදු අලුත් අවුරුදු මංගල්‍යයේ නොනගත කාලය නිමිත්තෙන් ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය පූජා වෙිල් දෙකක් නොපැවැත්වෙන බව බස්නායක නිළමේ කාර්යාලය නිවෙිදනය කරයි. 13 April 2026
අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න 2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් එළි දක්වා තිබේ. 13 April 2026
තෙල් තව නැවක් කොළඹ වරායට විදුලි බලය නිපදවීමට භාවිතා කරන දැවි තෙල් මෙට්‍රික් ටොන් තිස් දහසක් (30000) රැගත් sea adventure නෞකාව ඊයේ පස්වරුවේ කොළඹ වරාය ඩොල්පින් ජැටියට පැමිණියේය. 13 April 2026
පොලිසියට ඔත්තු දුන්නැයි පෙදෙරේරුවාට කඩු පහර පොලිසියට ඔත්තු ලබා දුන්නැයි උරනව තියුණු ආයුද රැගෙන තීරෝද රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනකු බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේදී පෙදෙරේරුවකු පසුපස හඹා ගොස් සිදු කළ පහරදීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි. 13 April 2026
පළාත් රැසකට සවස වැස්ස දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 April 2026
අවුරුද්දට ජල කැපිල්ලක් නෑ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් 11 වැනිදා සිට 14 දින දක්වා ජලය නොකැපීමට ජාතික ජල සම්පත් හා ජලා පවාහන මණ්ඩලය තීරණය කර ඇත. 12 April 2026
පොලොන්නරුවේ අනතුරකින් දෙදෙනෙක් මරුට පොළොන්නරුව මඩකලපළපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද සුසිරිගම ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනාම මියගොස් ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි. 12 April 2026
‘කොකේන්‘ සමඟ විදෙස් කත අත්අඩංගුවට රුපියල් එක් කෝටි විසිතුන් ලක්ෂ තිස් දහසක් වටිනා ’’කොකේන්’’ මත්ද්‍රව්‍ය තොගයක් , සිය සිරුරෙහි සගවා ගෙන , මෙරටට පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(12 ) කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සේවය කළ රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . ඇය 47 හැවිරිදි වියේ පසුවන උගන්ඩා ජාතික ව්‍යාපාරික කාන්තාවකි . 12 April 2026
පිටකොටුවේ අලුත් බස් පොළ වැනසූ සැකකරුවා දැලේ පිට කොටුව මධ්‍යම බස් නැවතුම්පලෙහි දේපල වලට අලාභ හානි සිදු කිරීමට සම්බන්ධයෙන් කැලණියේ පදිංචි අවුරුදු 33ක තරුණයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 12 April 2026
බාල ගල්අඟුරු: මහජන කොමිසමෙන් දැඩි තීරණයක් බාල ගල් අඟුරු හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයාගෙන් අය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර ඇත 12 April 2026
කොළමුණුඔයට ලොරියක් පෙරැළි දෙන්නෙක් මරුට වාරියපොල කටුපොත මාර්ගයේ නෙළුම් කණුව , කොළමුණුඔය පාළමෙන් ලොරි රථයක් පෙරළීමෙන් එහි ගමන් කළ රියදුරා සහ සහයකයා එතැනම මියගොස් ඇතැයි පොලීසිය කියයි. 12 April 2026
විසැඳුමකින් තොරව අවසන් වූ ඉරාන - ඇමෙරිකා සාකච්ඡා ඉරාන - ඇමෙරිකාව අතර පකිස්ථානයේ ඉස්ලාමාබාද්හි පැවති ඉහළ පෙළේ සාම සාකච්ඡාවලදී ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය එකඟතාවකට නොපැමිණි බව අමෙරිකා උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් පවසයි. 12 April 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026