
ඇමරිකාව සහ ඉරානය අතර බිඳ වැටී ඇති රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ සාකච්ඡා යළි ආරම්භ වීමේ සුබදායී ලකුණු පහළ වෙමින් පවතින බව පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් මාධය හමුවේ පැහැදිලි කර ඇත.
දෙරට අතර පවතින උණුසුම්කාරී වාතාවරණය සමනය කරමින් යළි සාකච්ඡා මේසයට පැමිණීමේ හැකියාවක් පවතින බවයි ආරක්ෂක අමාත්‍යවරයා ඉඟි කර ඇති අතර් මෙසේ පැහැදිලි කර ඇතැයි මාධ්‍ය පවසයි.
"සාකච්ඡා සහ මැදිහත්වීම් යළි ආරම්භ කිරීමට තවමත් අවස්ථාවක් තිබෙනවා. මේ පිළිබඳව පූර්ව නිගමන ලබාදීමට කැමති නැහැ. එසේ වුවත් සාකච්ඡාවලින් පසු ඇති වූ වාතාවරණය යහපත්. මෙතෙක් කිසිදු සෘණාත්මක ප්‍රතිචාරයක් ලැබී නැහැ." යැයි අමාත්‍යවරයා පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd