(ටී.කේ.ජී.කපිල)

එංගලන්තයේ ලෝක පූජිත "වෙස්ටෙන්ඩ්" නාට්‍ය කණ්ඩායම ශ්‍රී ලංකාවේ " ලා බම්බා " ( LA BAMBA ) " ද සෝන්ග් ඔෆ් ද වෙරාක්රුස් " නැමති , සංගීතමය නාට්‍ය රග දැක්වීම සදහා , අද පස්වරුවේ දිවයිනට  පැමිණියහ .

මෙක්සිකෝවේ , වෙරාක්රුස් නැමති ප්‍රදේශයේ ජීවත්වන , ගැමි තරුණියක් අපමණ බාධක මධ්‍යයයේ , සිය සංගීත දිවිය සාර්ථකත්වය කරා ගෙන යන ආකාරය මෙම නාට්‍ය මගින් පිළිඹිබු කෙරේ.

ලෝකයේ ඉහළම ප්‍රමිතිගත නාට්‍ය කණ්ඩායමක් වන , එංගලන්තයේ "වෙස්ටෙන්ඩ්" නාට්‍ය කණ්ඩායම සමග මෙරට සංගීත ශිල්පීන් , නළුනිළියන් සහ තාක්ෂණික ශිල්පීන් එක්ව , මෙම නාට්‍ය රග දක්වන අතර , එමගින් අප රටේ ශිල්පීන්ගේ ජාත්‍යාන්තර මට්ටමේ කුසළතා ලොවට විදහා දැක්වීමට අවස්ථාව හිමි වන අතර , " වෙස්ටෙන්ඩ්" නාට්‍ය කණ්ඩායමේ උසස් තාක්ෂණික ශිල්පීය දැනුම , මෙරට තුළට ගලා ඒමේ අවස්ථාව ද උදා වී තිබේ .

මෙම නාට්‍ය කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා ආයතනයේ දී එළඹෙන 24 දින සිට 27 දින දක්වා , දිනපතා වේදිකා ගත කිරීමට නියමිතය .