
(රෝෂන් තුෂාර)
දූෂණ චෝදනා දෙකක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අසංග එස් බෝධරගම මහතා නියම කළේය.
අල්ලස් කොමිසම සහ සැකකරුගේ නීතීඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා ලැබූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හැරීමට නියම කළේය.
රූපවාහි සංස්ථාවට සේවකයන් බඳවා ගැනීම සහ පුරාවිද්‍යා වටිනාකමක් ඇති සඳලගල සොරකම් කිරිමේ චෝදනාවෙන් රඹුක්වැල්ලගේ පුතා නිදහස් කරගැනීමට නිලධාරින්ට බලපෑම් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd