
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර අභයගිරි විහාර පරිශ්‍රයේ කපාරාම සංකීර්ණයේ උතුරු ප්‍රකාර කැණිම් කිරිමේදි අගල් තුන හමාරක් පමණ උසැති ලෝකඩ වලින් නිර්මාණය කොට රං ආලේපිත බුදු පිළිම 17 හමු වූ බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යන අංශයේ මහචාර්ය මධ්‍යම සංස්කෘතික අරමුදලේ උපදේශක පුරාවිද්‍යා අධ්යක්ෂ චන්දන රෝහණ විතානච්චි මහතා මේසේ පැවසිය.
“මෙම ප්‍රතිමා පරික්ෂා කිරිමේදි ක්‍රි.ව.හත,අට,සියවසේ ලක්ෂණ තමයි තියෙන්නේ.මෙම ප්‍රතිමා හමුවුන ස්ථානය පරිශ්‍රය දිහා බලපුවම පැහැදිලි වන්නේ අහඹු ලෙස මෙම ස්ථානයේ ඒවා තැන්පත් කරන ලද බවයි.යම් කිසි අවස්ථාවක සිදුවු ආක්‍රමණයක් හේතුවෙන් මෙම ප්රතිමාවල ආරක්ෂාව වෙනුවෙන් රුගෙන යමින් සිටියදි ක්ෂණිකව මෙම ස්ථානයේ තැන්පත් කළ බවත් තමයි පෙනෙන්නේ.”
“මෙම ප්‍රකාර බැම්ම කැණිම් කරන අවස්ථාවේදි තමයි කාර්ය මණ්ඩලය විසින් සොයා ගත්තේ.ඇත්තටම මේක ඉතාමත්ම වැදගත් දෙයක්.කැපවිමේ හා විශ්වාසනීය තත්වයේ ප්‍රතිඵලයක් විදියට හදුනා ගන්න පුලුවන්.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd