ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි පනවනු ලැබූ නාවික අවහිර කිරීම් ක්‍රියාත්මක වීමත් සමඟ, හෝමුස් සමුද්‍ර සන්ධිය අසලින් ගමන් කරමින් තිබූ දැවැන්ත තෙල් ටැංකි නෞකා දෙකක් සිය ගමන් මාර්ගය වෙනස් කර ආපසු හැරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නාවික අවහිරතාවය ආරම්භ වීමෙන් පසු නෞකා ගමනාගමනයට එල්ල වූ පළමු සෘජු බලපෑම මෙයයි. රිච් ස්ටරේ

නම් එක් නෞකාවක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා වෙරළ තීරයෙන් ගමන් ආරම්භ කර තිබුණේ චීනය බලා යාමේ අරමුණින් බවත්, කෙසේ වෙතත්, නව තත්ත්වය හමුවේ එය සමුද්‍ර සන්ධියට ඇතුළු නොවී ආපසු හැරී ඇති බවත් විදෙස් මාධ්‍ය කර ඇත.

ඔස්ට්‍රියා නම් නෞකාවද හෝමුස් සමුද්‍ර සන්ධිය වෙත ළඟා වෙමින් තිබියදී සිය ගමන් මග වෙනස් කර තිබෙන බවයි මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.