
(අංජුල මහික වීරරත්න)
පිට කොටුව මධ්‍යම බස් නැවතුම්පලෙහි දේපල වලට අලාභ හානි සිදු කිරීමට සම්බන්ධයෙන් කැලණියේ පදිංචි අවුරුදු 33ක තරුණයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි.
නවීකරණය කර මහජන පරිහරණය සදහා විවෘත කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලෙහි දේපල වලට අනර්ථය සිදුකර ඇති බවට පිට කොටුව පොලිස් ස්ථානය වෙත එම බස් නැවතුම්පලෙහි සුභ සාධක අංශය විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
සොරකම් කරන ලද දේපල වලින් කොටසක් ද සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගැනුණි.
සිදුව ඇති අනර්ථය සම්බන්දව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් තක්සේරු වාර්තාවක් කැඳවීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි “අපතයන්ට” දිය හැකි උපරිම දඬුවම් දිය යුතුය. මේ සිදුවීම පිටුපස දේශපාලකයන් සිටිනවා නම්, ඔවුන්ගේ “ප්‍රජා අයිතිය” අහෝසි කළ යුතුයි.
මේවා අත දරුවන්ගේ බෙල්ලේ බැඳන් ඉන්න පංචායුධය කඩාගෙන යන්න තරම් හිතක් ඇති කුඩු අයිස් ඇබ්බැහි වුන අයගෙන් බේරගන්න එක ලේසි වෙන්නේ නැහැ. CCTV , එසැනින් දඬුවම්, ටොයිලට් වල මුරකරු ..........වගේ ඒවටත් බැරි වෙයිද
ඔය වගේ කාලකන්නි මිනිස්සු මිහිපිටට බරක් .ඒ නිසා අත් බෝම්බයක් පත්තු කරලා අල්ලගන්න සලස්වන්න
කරුණාකර විනාසයේ දහ ගුණක් ඔහුගෙන් අයකරන්න කටයුතු කරන්න.
මුගේ අහවල් එක කපා දාන්න.
ඔය වගේ උදවියම තමා මේ රට පහු ගිය 75 වසරක් තුල දිව්නු නොවුණු රටක් කියා බෙරිහන් දෙන්නේ.
දැඩි දඬුවම් දිය යුතුයි. මෙවැනි ජඩයින් රටට සාපයක්. මේ දේශපාලන අනාථයෙක් විය හැකියි.
එක් අයෙක් වෙන්න බෑ.බුලත් කෙල ගහපු කාලකන්නි අල්ලාගෙන රාජ්‍ය දේපල විනාශ කිරීමට එරෙහිව ගත හැකි උපරිම දඬුවම් පැමිණවීම අවශ්‍යයි.අනික නම් ගම් සහිතව ප්‍රසිද්ධ කල යුතුයි.
ඉතා දැඩි දඬුවම් දිය යුතුයි.
මේ වගේ කාලකණ්ණි එවුන් නීතියෙන් දඬුවම් කරන්න ඉස්සරල ඒ ගලවපු කෑලි ටිකත් උස්සගෙන බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ දවසක් අව්වෙ හිටගෙන ඉන්න කියන්න ඕනෙ.
ඔවැනි වරදට අනිවාර්ය ප්‍රජා සේවය වැනි දඩුවම් පැනවිය හැකි සේ නීති සැකසිය යුතුයි
මුන්ව හදන්න බෑ
මර්වියාගේ කෙනෙක් වෙන්න පුලුවන්. කැළනි හිගන්නෙක්..