පුංචි මන්ත්‍රීට පහරදුන් කොළඹ ස්වාධීන පුංචි මන්ත්‍රී අතුරුදන් කොළඹ මහ නගර සභාවේ මාසක රැස්වීම පැවැත්වෙමින් තිබියදී එම නගර සභාවේ මන්ත්‍රීවරයෙක්ට පහර දුන්නේ යැයි චෝදනා එල්ල වී ඇති උපාලි වැලිවත්ත මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට මාලිගාවත්තේ පිහිටි ඒ මහතාගේ නිවසට ගිය ද ඔහු නිවසේ නොසිටි බව කුරුඳුවත්ත පොලිසිය අද (10) පැවසීය. 10 April 2026
GMO වර්ජනයෙන් රෝගීන් පීඩාවට සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමේ ක්‍රමවේදයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ දීපව්‍යාප්ත වැඩ වර්ජනය හේතුවෙන් රෝගී සත්කාර සේවා අද දිනයේත් බිද වැටී තිබිණ. 10 April 2026
මගී ප්‍රවාහන බලපත් කාල සීමාවකට යටත් කරයි මගී ප්‍රවාහන බලපත්‍ර ජනතාවට අයත් බැවින් ඒ සඳහා බලපත්‍ර කාල සීමාවක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවැසීය. අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සභාපතීත්වයෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කීය. 10 April 2026
පුනර්ජනනීය බල ශක්තියට විරුද්ධව රාජ්‍ය ප්‍රතිපත්තියක් බාල ගල් අඟුරු වංචාවට අමතරව පුනර්ජනනීය බලශක්තියට විරුද්ධව රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 April 2026
වන අලි පහරින් වනජීවි විදුලි සේවකයා මරුට වනාතවිල්ලුව තේවනුවර විදුලි අලි වැටේ රාජකාරි කරමින් සිටි බහුකාර්ය සේවකයකු රාජකාරි නිමවා එමින් සිටියදි වල් අලියකු පහර දීමේන් මරණයට පත්ව ඇති බව අද(10) වනාතවිල්ලුව පොලිසිය කියයි. 10 April 2026
බාල ගල් අඟුරු පාඩුව පියවන්න කෝටි 960ක් රඳවා ගනී බාල ගල් අඟුරු සැපයූ සමාගම් වලට ගෙවීම් නොකර සිටීමට දැනටමත් රජය කෝටි 960ක් රඳවාගෙන තිබෙන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 April 2026
පුටින්ගෙන් යුක්රේනයට පැය 32ක සටන් විරාමයක් ඕතඩොක්ස් පාස්කු උත්සවය වෙනුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් රුසියානු - යුක්රේන යුද්ධයට පැය 32ක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර ඇත. 10 April 2026
ඔක්කොම හොරකම් ගල් අඟුරු හොරකමට යටයි ලංකාවේ ඔක්කොම හොරකම් එකතු කරලා බැලුවත් ගල් අඟුරු හොරකමට කිට්ටු කරන්න බැරි බව පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 April 2026
විශ්වාස භංගෙ ගේන්නේ ආණ්ඩුවේ හෘද සාක්කිය චෙක් කරන්න ගල් අඟුරු සොරකම සම්බන්ධයෙන් විශ්වාස භංගයක් ගෙන එන්නේ ආණ්ඩුවේ උදවියට හොරකම් වලට විරුද්ධ වෙන්න හෘද සාක්ෂියක් තියෙනවාද කියා පරීක්ෂා කිරීමට බව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 April 2026
ගල් අඟුරු නැව් 462 ගැන හොයන්න බලයලත් කමිටුවක් ඉතිහාසයේ වසර 15ක් තිස්සේ ගෙන්වූ ගල් අඟුරු නැව් 462 සම්බන්ධයෙන් සෙවීම සඳහා බලයලත් කමිටුවක් පත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 April 2026
පාසල් වලට අවුරුදු නිවාඩුව දින දහයක් රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් වල සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු පාසල් වාරය ද මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරයේ තෙවන අදියර අද (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. 10 April 2026
ගල් අඟුරු වංචාව සංවිධානාත්මක මංකොල්ලයක් ගල් අඟුරු වංචාව යනු ලංකා ඉතිහාසයේ සිදුවූ සංවිධානාත්මක මංකොල්ලයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරිකාර් මහතා:-(ස.ජ.බ) 10 April 2026
වජිර ආණ්ඩුවෙන් උදව්වක් ඉල්ලයි මාලිමා ආණ්ඩුව දැන් රටට කළ යුතු ලොකුම උදව්ව බොරු කීම නතර කිරීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මධ්‍ය හමුවකදී අද(10) පැවසීය. 10 April 2026
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් යළි රිමාන්ඩ් වාහනයක චැසි අංක සංශෝධනය කර ව්‍යාජ ලෙස ලියා පදිංචි කිරීමට අනුබල දීමේ සිද්ධියකට දැනට රිමාන්ඩ් බාරයේ සිටින මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ 20 වැනි දා තෙක් යළි රිමාන්ඩ කරන්නැයි පිලැස්ස වැඩබලන මහේස්ත්‍රාත් ශිරාණි ගුණලක මහත්මිය නියෝග කළාය. 10 April 2026
අනවසර විදුලි රැහැනේ පැටලුණ තිදරු පියා මරුට සිංහල වලහවිද්දවැව ප්‍රදේශයේ පිහිටි තම ගෙවත්තේ අනවසරයෙන් නීති විරෝධිව ඉදිකරන ලද විදුලි වැටේ ගැටි 60 හැවිරිදි ගොවියෙකු මිය යාමේ සිද්ධියකට පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත්බව හොරොව්පතාන පොලිසිය කියයි. 10 April 2026
බල ශක්ති ඇමති දූෂණයට එරෙහි ජන වරම පාවා දීලා දූෂණයට එරෙහිව ලැබුණු ජන වරම බලශක්ති අමාත්‍යවරයා විසින් පාවාදී තිබෙන්නේ යැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත්.පී පෙරේරා (ස.ජ.බ)මහතා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය. 10 April 2026
සා.පෙ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණයට දින දෙයි අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ අප්‍රේල් 22 සිට මැයි 4 තෙක් දිවයින පුරා පරීක්ෂණ මණ්ඩල 1198කදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි. 10 April 2026
රිය අනතුරින් සිසුවා මරුට අම්බලන්තොට උඩ බැරගම බෝලාන මාර්ගයේදී පාසැල් සිසුන් දෙදෙනෙකු ගමන්ගත් යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් එක් පාසැල් සිසුවෙකු මියගොස් අනෙක් සිසුවා තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය පැවසීය . 10 April 2026
බලශක්ති ඇමතිට ගෙනා විශ්වාසභංගය අද විවාදයට: ඡන්දය හවස බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද විවාදයට ගැනීමට නියමිතය. 10 April 2026
අත්පා ගැටගසා ගල් බැඳ දියේ ගිල්වලා පාද ගැට ගසා අත් දෙකට ගල් දෙකක් බැඳ දියේ ගිල්වා ඝාතනය කළ පුද්ගල සිරුරක් පින්දෙණිය ගුරු ගොඩ ඔයෙහි තිබී ඊයේ (9) සොයා ගත් බව පින් දෙනිය පොලිසිය පවසයි. 10 April 2026
ගැටුමෙන් සරසවි සිසුවා මරුට හෝමගම පිටිපන ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති සාදයකදී විශ්ව විද්‍යාල සිසුන් දෙපිරිසක් අතර ඊයේ (09) රාත්‍රී ඇතිවූ ගැටුමකින් එක් සිසුවෙකු මියගොස් ඇතැයි හෝමගම මූලස්ථාන පොලිසය පවසයි 10 April 2026
ලෙබනනය එක්ක සාකච්ඡා කරන්න ලෙබනනය සමඟ සෘජු සාකච්ඡා ආරම්භ කරන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සිය කැබිනට් මණ්ඩලයට නියෝග කර ඇත. 10 April 2026
ප්‍රහාර සීමා කරන්න ඉරානය සමග පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා සාර්ථක කර ගැනීම සඳහා ලෙබනනයට එල්ල කරන ප්‍රහාර සීමා කරන ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගෙන් ඉල්ලීමක් කර ඇත. 10 April 2026
ඇමෙරිකා ඉරාන සාකච්ඡා අද ඇමෙරිකාව සහ ඉරානය අතර තීරණාත්මක සාම සාකච්ඡා අද (10) පාකිස්තානයේ මැදිහත් වීමෙන්, පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරදී පැවැත්වෙයි. සාම සාකච්ඡා හේතුවෙන්, ඉස්ලාමාබාද් අගනුවරට විශේෂ ආරක්ෂාවක් යොදා ඇත. 10 April 2026
’’ආටෙමිස් 2’’ ගගනගාමීහු අභ්‍යවාකාශයේ සිට මාධ්‍ය අමතති ’’ආටෙමිස් 2’’ මෙහෙයුම අවසන් කර පෘතුවිවියේ වායුගෝලයට ගිනිබෝලයක් වී නැවත ඇතුළුවීමට සූදානම් වන ගගනගාමීහු සිවුදෙනා අභ්‍යවාකාශයේ සිට ප්‍රථම වතාවට මාධ්‍යවේදීන් ඇමැතූහ. 09 April 2026
පොලිස් පරීක්ෂකගේ අම්මා කුඩු බෙදලා පොලිස් පරීක්ෂකවරයෙකුගේ මවක් කුෂ් මත්ද්‍රවය සමග අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කරයි. 09 April 2026
වරදක් ඇත්නම් උසාවි යන්නැයි නලින්ද වෛද්‍ය සංගමයට කියයි නවක වෛද්‍යවරුන්ට පත්වීම් ලබා දීමේදී රජය වරදක් කර තිබේ නම් අධිකරණයට යන්නැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය මාධ්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද(9) පැවසීය. 09 April 2026
යුද්දයෙන් රුසියාවට ලොකු වාසියක් ඉරාන යුද්ධයෙන් වැඩිම වාසිය රුසියාවට අත් කරමින් අප්‍රේල් මාසයේ රුසියාවේ තෙල් අපනයන ආදායම දෙගුණ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 09 April 2026
පොලිස් පරීක්ෂකවරයෙකුගේ මවක් කුෂ් සමඟ දැලේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ මවක් කුෂ් මත්ද්‍රවය සමඟ අද(09) අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කරයි. 09 April 2026
හෝමූස් පසු කරන්න ඉරාන හමුදාවෙන් සිතියමක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව යාත්‍රා කිරීම සඳහා ඉස්ලාමීය ආරක්ෂක බළකායේ නාවික හමුදාව සිතියමක් හඳුවන්වා දී තිබේ. ඉරාන නාවික හමුදාව හොමුස් සමුද්‍ර සන්ධියේ අටවා ඇති මුහුදු බෝම්බ මගහැර යාත්‍රා කිරීම සඳහා මෙම සිතියම භාවිතයට ගත හැකි බව ඉස්ලාමීය ආරක්ෂක බළකාය ප්‍රකාශ කර ඇත. 09 April 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026