(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බාල ගල් අඟුරු වංචාවට අමතරව පුනර්ජනනීය බලශක්තියට විරුද්ධව රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
" ගල් අඟුරු ක්ෂේත්රයේ නිකන් වංචාවක් නොව බරපතළ වංචාවක් සිදුව තිබෙන බව ඉතා පැහැදිලියි.ඒ වංචාව ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු ගෙන්වීමයි.බාල ගල් අඟුරු වංචාවට අමතරව පුනර්ජනනීය බලශක්තියට විරුද්ධව රාජ්‍ය ප්‍රතිපත්තියකුත් ක්‍රියාත්මක වෙනවා.ඒක පැත්තකින් ඉන්ධන මාෆියාවට තැන ලබා දීලා, අනිත් පැත්තෙන් පරිසර හිතකාමී අඩු වියදම් සහිත විදුලි බිල අඩු කරන පුනර්ජනනීය බලශක්තිය විනාශ කරන මේ කුමන්ත්‍රණය ඉතා බරපතලයි.මේ සියලු කාරණා මත අපේ විශ්වාසය වන්නේ බලශක්තිය අමාත්‍යවරයා තවදුරටත් ධුරයේ රැඳී සිටීම සදාචාරාත්මක නොවන බවයි.
අප බාල ගල් අඟුරු ගැන තර්කය ඉදිරිපත් කරන විට ජනපති ප්රමුඛ ආණ්ඩුව පෝලිමට ඇවිත් කිව්වේ මොකක්ද?එවැනි බාල ගල් අඟුරු ප්‍රශ්නයක් නැති බවයි.හැබැයි ගල් අඟුරු බාල බව දත්ත වලින් ඔප්පු වන විට ගල් අඟුරු බාල නමුත් වංචාවක් සිදුවී නැතැයි කියනවා යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි වංචාවක් වෙලා තියෙනවා කියනවා පියාණෝ, ඔබ එම තොරතුරුත් අරගෙන යන්න අල්ලස් සහ දූෂණ කොමිසමට ගොස් පැමිණිලි කරන්න.. බොරුවට ක ගැසිමෙන් ප්රථිඵලයක් ලැබෙන්නේ නැහැ...
ජෝකර් තවත් විහිළුවක් කරනවා.
පුනර්ජනනීය විදුලියට රජය විරුද්ධ නැහැ. නමුත් වහල මත සවිකරන සූර්ය බල පද්ධති වැනි නිතර උච්චාවචනය වන පුනර්ජනනීය විදුලිය වැඩිපුර ප්‍රවර්ධනය කළොත් ඒක අපේ යල් පැනගිය පද්ධතියට දරාගන්න බැරි වෙනවා. ඒක නිසා අපේ පද්ධතිය (ග්‍රිඩ් එක) නවීකරණය කරගන්න අවශ්‍ය වෙනවා. ඒකට ඩොලර් බිලියන 1,5 වැය වෙන බව ගණන් බලා ඇත. IMF යෝජනාව වන්නේ පුද්ගලික අංශයත් සම්බන්ධ කරගෙන පුද්ගලික ආයෝජන ලබාගෙන මේක වැඩි දියුණු කරගන්න ලෙසයි. නමුත් විදුලි ඉංජිනේරුවෝ කොමිස් ගහන්න බැරි නිසා මේකට සම්පූර්ණයෙන් විරුද්ධ වෙනවා. වෘත්තිය සමිති අමනාප කරගන්න අකැමැති කම නිසා ආණ්ඩුව මේක දෙපැත්තට ඇද ඇද ඉන්නවා.