(කේ. බුද්ධික කුමාරසිරි සහ ගයාන් සූරියආරච්චි)
හෝමගම පිටිපන ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති සාදයකදී විශ්ව විද්‍යාල සිසුන් දෙපිරිසක් අතර ඊයේ (09) රාත්‍රී ඇතිවූ ගැටුමකින් එක් සිසුවෙකු මියගොස් ඇතැයි හෝමගම මූලස්ථාන පොලිසය පවසයි
ප්‍රසිද්ධ පෞද්ගලික විශ්ව විද්‍යාලයක තිබූ අලුත් අවුරුදු සැමරුමකින් අනතුරුව මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිස අදාල උත්සව ශාලාවට පැමිණ එහිදී සාදයක් පවත්වා ඇති බවත් එහිදී මත්පැන් පානය කර විනෝද වෙමින් සිටියදී එක්වරම දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී ප්‍රහාරයට ලක් වූ ශිෂ්‍යයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් අත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන හෝමගම පිටිපන ප්‍රදේශයේ ශිෂ්‍ය නේවාසිකාගාරයක සිටි විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකි.
අදාල ඝාතනය සම්බන්ධයෙන් එම සාදයට සහභාගී වූ විශ්ව විද්‍යාල සිසුන් සිව් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර තවත් පිරිසක් අත් අඩංගුවට ගැනීමට නියමිත වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd