(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාවේ ඔක්කොම හොරකම් එකතු කරලා බැලුවත් ගල් අඟුරු හොරකමට කිට්ටු කරන්න බැරි බව පත් කළ මන්ත්රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා:-(ස.ජ.බ)
පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මේ හොරකම වහන්න නලින්ද ජයතිස්ස ඇමතිවරයා ලොකු උත්සාහයක් ගත්තා.නමුත් ඒක සාර්ථක වුණේ නැහැ.මම මේක දකින්නේ සීමාවක් නැති හොරකමක් හැටියට.දැනට ගණනය කරලා තියන හැටියට මේක රුපියල් බිලියන තිහක හොරකමක්.මෙච්චර කල් කිව්වේ ලොකුම හොරකම මහ බැංකු හොරකම බවයි.ලංකාවෙ ඔක්කොම හොරකම් එකතු කරලා බැලුවත් ගල් අඟුරු හොරකමට කිට්ටු කරන්න බෑ.ටෙන්ඩරය නිවැරදි බව අනුර ජනාධිපති පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වා.හැබැයි ඒ ගල් අඟුරුවල කොලිටියය බාලයි.ජනාධිපතිගේ කතා ශෛලියෙන් රටේ මිනිස්සු රවට්ටන්න බෑ.ටෙන්ඩර් කරු ලියාපදිංචිය හරියට නොකර මෙය පටන්ගෙන තිබෙන බව විගණකාධිපති වාර්තාවේ සඳහන් වෙනවා යනුවෙන්ද මන්ත්රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරපු හොරකම්, බලුකම් මේ රට අගාධයට දාන්න සමත්වුණා. කුජිත වෙලා යනවා නම් මේ රටට ලොකු වාසනාවක්...
වැඩිපුරම තියෙන්නේ ආණ්ඩුවට මඩගහන කතා විතරයි...
බොරු නොකියා ඉන්නවද? පුණානෝගේ සංස්කෘතික අරමුදල ගැහිල්ල එහෙම කොහොමද?
මිනිස්සු කොමා වෙලා හිටියා නම් ඔය කියන ඒවා පිළිගන්න තිබුණා.
හොරාකලා ජනතාව එලවපු ගොබ්බ රැලව. වන්ගෙඩියට දාලා කොටන්න මයිනාට දෙන්න ඕනෑ... මෝල් ගහ නැත්නම් මොවුන්ව වද කරන්න බැහැ. නිල මැස්සෝ... මොවුන් හොදටම දන්නවා මෙතැන හොරා කෑමක් වෙලා නැහැ. බාල අගුරුවලට අහුවෙලා. නමුත් ඉලගට එන ඒවාට ගෙවීම් නොකර ඒවා අඩු කරගනී. නාකි ගොබ්බයින් හොරා කාපු නිසා හොදට දන්නවා... මේවා මුන්ට බාල බෙහෙත් දීලා මිනිස්සු මරපුවා. බාල ගෑස් ගෙනත් මිනිස්සු මරපුවා. ඒවාට කතා කෙරුවාද? නාකි ගොබ්බයෝ දැන් හොරා කන්න පගා කන්න නැහැ. කුසිම සැපක් නැහැ මේවා මතක් වෙනකොට. මාලිමාව පෙරලන්නමයි හිතෙන්නේ නේද? කට්ටියම නියගලා අල තම්බලා කන්න ලස්සන වෙනවා නිල්පාට වෙලා. හොදට බඩ පිරෙන කම් කන්න.
පිස්සුද මල්ලි, මහ බැංකු හොරකම ඒ ඔක්කොටම වඩා ලොකුයිනේ...