සාමකතා අසාර්ථකව අවසන් ඇමෙරිකාවේ මැදිහත් වීමෙන්, ඊශ්‍රායලය සහ ලෙබනනය අතරේ සාම සාකච්ඡා වොෂින්ටන් අගනුවරදී පැවැත්වුණු නමුත්, එය පැහැදිලි එකඟත්වයකින් තොරව අවසන් විය. 15 April 2026
පොලිස්පති සහන දින දෙකක් අවලංගුයි පොලිස් නිලධරයන්ගේ අභියාචනා සම්බන්ධයෙන් හෙට(16) පැවැත්වීමට නියමිතව තිබූ පොලිස්පති සහන දිනය සහ අනිද්දා(17) පැවැත්වීමට නියමිතව තිබූ පොලිස්පති මහජන සහන දිනය නොපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි. 15 April 2026
අතපසු වීම් හදාගෙන ඉදිරියට යනවා අතපසු වීම් වෙන්න පුළුවන්. ඒවා හදාගෙන ඉදිරියට යනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 15 April 2026
අවුරුදු සමරන්න ඇවිත් මුහුදට බිලි හබරදුව ,කොග්ගල නිදහස් වෙරළ උද්‍යානය ආසන්න මුහුදේ දිය නාමින් සිටියදී එකම පවුලේ දෙදෙනෙකු දිය වැලකට හසුවී මියගොස් ඇතැයි කියයි. 15 April 2026
ජනපති මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දකී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී අද(15) මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. 15 April 2026
සාදය මරණයෙන් කෙළවර වෙයි දකුණු පයාගල ප්‍රදේශයේදි ඊයේ (14) රාත්‍රී හිසට පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පයාගල පොලිසිය පවසයි. 15 April 2026
ඇමෙරිකාවට රුසියන් යුද්ධය අමතක වෙලා ඉරාන යුද්ධය හේතුවෙන් ඇමෙරිකාවට රුසියන් යුක්රේන යුද්ධය අමතක වී ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී චෝදනා කරයි. 15 April 2026
ට්‍රම්ප් මෝදි දුරකතන කතාබහක් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ මිනිත්තු 40 ක් පුරා දුරකතන සංවාදයක් පැවැත්විණි. 15 April 2026
ලියෝ පාප්තුමා ඇල්ජීරියාවේ ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප්තුමා අප්‍රිකා සංචාරයක් ආරම්භ කර ඇත. එම සංචාරයේ පළමු අදියර යටතේ පාප්තුමා ඇල්ජීරියාවට පැමිණ සිටී. පාප්තුමා ඇල්ජියර්ස් අනුවර සිට ඇන්නාබා දක්වා ගුවන් ගමනක යෙදුණු අතර, ශාන්ත ඔගස්ටින් මුනිඳුන් වසර 30කට අධික කාලයක් රදගුරු පදවිය දැරූ ඓතිහාසික හිපෝ පුරාවිද්‍යා භූමිය නැරඹීමට ද අමතක කළේ නැත. 15 April 2026
ජනපති දළදා වඳී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය. 15 April 2026
අගමැතිනිය හින්දු ආගමික වතාවත් වල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හින්දු ආගමික වතාවත් වලට සහභාගී වූවාය. 15 April 2026
හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය අද(15) පූර්ව භාග 6.55 ට මහනුවර ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයේදී පැවැත්විණි. 15 April 2026
අවුරුද්දෙන් පසු කන්තෝරු වැඩ මෙහෙමයි අද (15) හෙට (16) සහ අනිද්දා (17) යන දිනවල රාජ්‍ය ආයතන කාර්යාල, සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි. 15 April 2026
රෝගියෙක් පෙෂර් බලන්න ගිය දොස්තර නෝනව වැළඳ ගෙන කළුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරියකගේ පපු ප්‍රදේශය ස්පර්ශ කර ලිංගික අතවර කළ බව කියන එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගියකු අත් අඩංගුවට ගත් බව දකුණු කළුතර පොලිසිය පවසයි. 15 April 2026
වැලිගම අනතුරකින් අයෙක් මරුට:කතක් රෝහලට වැලිගම වැලිපිටිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම මූලස්ථාන පොලිසිය පවසයි . 15 April 2026
පින්නවල අලි ඇතුන්ට හිසතෙල් ගල්වති අලුත් අවුරුදු නැකත් වලට අනුව හිස තෙල් ගල්වා දීර්ගායුෂ පැතීමේ නැකතට සමගාමීව පින්නවල අලි අනාතාගාරයේ අලි ඇතුන්ට ද හිස තෙල් ගා ආශිර්වාද කළේය. 15 April 2026
ඉරාන ජාතිකයින් 283ක් එරටට යවයි ඇමෙරිකානු ප්‍රහාරයකින් තුවාල ලබා , ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් බේරා ගෙන මෙරට තුළ රදවා සිටි ඉරාන ජාතිකයන් 238 දෙනෙකු , ඉරාන විශේෂ ගුවන් යානයකින් ඊයේ(14) රාත්‍රී ආපසු රැගෙන යාමට පියවර ගෙන තිබුණි . 15 April 2026
හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය හෙට හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය හෙට(15) පූර්ව භාග 6.55 ට මහනුවර ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයේදී පැවැත්වෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. 14 April 2026
ආණ්ඩුවේ අලුත් අවුරුදු චාරිත්‍ර ගම්පහ දී බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සංවිධානය කළ සිංහල දෙමළ අලුත් අවුරුදු සංස්කෘතික උත්සවයේ නැකැත් චාරිත්‍ර සිදු කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (14) ගම්පහදී සිදු කෙරිණ. 14 April 2026
ජනපති විපතට පත් පවුලක් සමග අවුරුදු සමරයි සිංහල සහ දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට එක් වෙමින් දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ අනුරාධපුර ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්බෙලිගල ග්‍රාම නිලධාරී වසමේ එච්.එම්. ඉන්ද්‍රජිත් සම්පත් සේනාරත්න මහතාගේ නව නිවසට ගෙවැදීමේ සහ අලුත් අවුරුදු සැමරුමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (14) එක් විය. 14 April 2026
‘‘එදා මෙන් අදත් මම ඔබ සමඟ අවුරුදු සමරනවා‘‘ මහින්ද රාජපක්ෂ වන මම අතීතයේ ජනාධිපති ලෙස ජනතාව සමඟ අවුරුදු සැමරූ අයුරින්ම අද දවසේ ඔබේ අසල්වැසියෙකු මිතුරෙකු සහ වටිනාකම් දන්නා වැඩිහිටියකු ලෙස අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අලුත් අවුරුදු සුබ පැතුමෙන් පවසයි. 14 April 2026
සියලු සංවර්ධන සැලසුම් රටේ උරුමයට අනුවයි අපගේ සියලු ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කර ඇත්තේ රටේ උරුමය සහ සංස්කෘතිය මත ශක්තිමත්ව දෙපා තබා ගනිමින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි. 14 April 2026
සහෝදරත්වයෙන් අලුත් ආරම්භයක් ගනිමු අලුත් අවුරුද්දේ සැබෑ ආශිර්වාදය වන්නේ සිත් තුළ පවතින වාදභේද සහ අමනාපකම් දුරු කර සහෝදරත්වයෙන් සහ සුහදත්වයෙන් යුතුව අලුත් ආරම්භයක් ලබා ගැනීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි. 14 April 2026
පෙර වැරදි නිවැරදි කර නව වසරට පා තබමු අලුත් අවුරුද්දක උදාව යනු පෙර වැරදි නිවැරදි කර ගෙන නව වසරකට පියවර තැබීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි. 14 April 2026
සෞභාග්‍යමත් අනාගතයකට අත්වැල් බැඳ ගනිමු සියලු බාධක අභියෝගයන් නොබියව ජයග්‍රහණය කරගනිමින් සෞභග්‍යමත් අනාගතයක් සහිත දේශයක් ගොඩනැගීම වෙනුවෙන් අත්වැල් බැදගනිමු’ යැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අලුත් අවුරුදු පණිවිඩයක් නිකුත් කරමින් සියලු දෙනාට ආයාචනා කරයි. 14 April 2026
’’විශ්වාසභංගය පැරදුණත් ගල් අඟුරු වංචාව රටට හෙළි වුණා’’ ගල් අඟුරු වංචාවට සම්බන්ධ අමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වුවද, එම ගනුදෙනුවල ඇති දූෂිත ස්වභාවය පිළිබඳ සත්‍ය තොරතුරු දැන් රට හමුවේ අනාවරණය වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. 14 April 2026
මත් කුඩු සමග ඉන්දියාවේ මාළු කපන්නා මාට්ටු රුපියල් දෙකෝටි අට ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ , විදේශීය ගුවන් මගියකු අද අලුයම අත්අඩංගුවට ගත් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය කියයි. 14 April 2026
හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයට සියල්ල සූදානම් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම මූලික කර ගනිමින් පැවැත්වෙන හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය අද දිනට යෙදී ඇත. 14 April 2026
පාප්තුමා අප්‍රිකාවේ 14 වන ලියෝ පාප්තුමන්, දින 11 ක අප්‍රිකා සංචාරයක් ආරම්භ කළේය. පසුගිය වසරේ මැයි මාසයේදී පාප් ධුරයට පත්වීමෙන් පසු පාප්තුමා සහභාගී වන දෙවන ප්‍රධාන විදේශ සංචාරය මෙයයි. සාමය, සංක්‍රමණික ගැටලු සහ ආගම් අතර සංවාදය මෙම අප්‍රිකා සංචාරයේ තේමාව වෙයි. 14 April 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026