(තරංග ගුණරත්න)

වැලිගම වැලිපිටිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම මූලස්ථාන පොලිසිය පවසයි .

වැලිගම කොක්මාදුව මාර්ගයේ වැලිපිටිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී මෙම අනතුර සිදුව තිබේ. එම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිගම කොලේදණ්ඩ ප්‍රදේශයේ පදිංචි වයස 58 වන දෙදරුපියකු බව සඳහන්.

බරපතල තුවාල ලබා මියගිය පුද්ගලයා කොලේදණ්ඩ ප්‍රදේශයේ සිට වැලිපිටිය ප්‍රදේශයට පාපැදියෙන් ගමන් කොට තිබේ.

එම අවස්ථාවේදී ඔහු පිටුපසින් ආ වෑන් රථයක් පාපැදියේ ගැටි අනතුරුව අසල තිබූ නිවසක ආරක්ෂක තාප්පයක ගැටී මෙන් සිදුවූූ අනතුරෙන් වෑන් රථයට සහ නිවසේ ආරක්ෂිත තාප්පයටද දැඩි හානි සිදුව තිබේ.

තවද මෙම වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කල කාන්තාවද තුවාල ලබා රෝහල් ගත කොට ඇත .