
(අංජුල මහික වීරරත්න)
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සංවිධානය කළ සිංහල දෙමළ අලුත් අවුරුදු සංස්කෘතික උත්සවයේ නැකැත් චාරිත්‍ර සිදු කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (14) ගම්පහදී සිදු කෙරිණ.
පුණ්‍ය කාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ගම්පහ මැදගම ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ අතර, එහිදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික, මැදගම ශ්‍රී සුනන්දාරාම ධර්මදූත පිරිවෙන් මහා විහාරාධිපති තුන්මෝදර සමිත හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තාය.
මෙවර අලුත් අවුරුදු සංස්කෘතික උත්සවයේ චාරිත්‍ර කටයුතු ගම්පහ දර්ශන වීරසිංහ මහතාගේ නිවසේ පැවති අතර, වැඩ ඇල්ලීමේ සුබ නැකත උදාවීමත් සමඟ නිවැසියන්ගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිවස පරිශ්‍රයෙහි පැළයක් රෝපණය කළාය. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහත්වරු ද ඊට එක්වූහ.
අනතුරුව අග්‍රාමාත්‍යවරිය දරුවන් සමඟ සාම්ප්‍රදායික ජන ක්‍රීඩාවන්වල ද නිරත වූවාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd