පවතින ගැටුම් සඳහා කිසිදු හමුදාමය විසඳුමක් නොමැති බවත්, සතුරුකම් නැවත ආරම්භ වීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චිට පැහැදිලි කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර පැවැති සාකච්ඡාවකදී ලැව්රොව් මේ බව අවධාරණය කර ඇති අතර, පවතින අර්බුදය විසඳීම සඳහා සහාය වීමට රුසියාවේ ඇති නොසැලෙන සූදානම පිළිබඳව ද ඔහු මෙහිදී සහතික වී ඇත.

රුසියානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, ඉකුත් සති අන්තයේ පකිස්ථානයේදී පැවැති ඇමෙරිකා-ඉරාන සාකච්ඡා පිළිබඳ විස්තරද අරග්චි විසින් ලැව්රොව් වෙත ඉදිරිපත් කර ඇත.