(රෝෂන් තුෂාර)

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව අල්ලස් දූෂණ විමර්ශන කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකරමින් නඩු පැවරීය.

නිසි අධ්‍යාපන සුදුසුකම් නොමැති අවස්ථාවක යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගනිමින් බ්‍රිතාන්‍ය රාජකීය හමුදා පුහුණුව ලබා දී රජයට පාඩුවක් සිදුකර යෝෂිත රාජපක්ෂයට වාසියක් සිදු කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා අටක් යටතේ මෙම නඩුව පැවරිය.

නඩුවේ පළමු විත්තිකරු ලෙස වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩ නම් කර ඇති අතර දෙවැනි විත්තිකරු ලෙස යෝෂිත කනිෂ්ක රාජපක්ෂ නම් කර ඇත.

මෙම නඩුව සඳහා සාක්කි කරුවන් 25 දෙනකුගේ නම් සහ සාක්ෂි ලේඛන 47 ක ලේඛනයක් අල්ලස් කොමිසම මගින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.