(රංජිත් රාජපක්ෂ)

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (31) දින රාත්‍රියේ සිට අධික සුළං සමග කඩින් කඩ තද වැසි පතිත වෙයි.

පවතින දැඩි අයහපත් කාලගුණයත් සමග විදුලි බලයද වරින් වර ඇනහිටිම හේතුවෙන් ජන ජීවිතයට බාධා පැමිණ ඇත.

නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග විමළසුරේන්ද්‍ර ජලාශයට (01) දින අලුයම සිට වාන් දැම්මට පටන් ගෙන ඇති අතර, කැනියොන් ජලශයේ ද එක් වාන් දොරටුවක් විවෘත කර ඇති බව කැනියොන් ජල විදුලි බලාගාරයේ නිළධාරියෙක් කියා සිටියේය.

පවතින වර්ෂාවත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලශවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව එම ජලශභාර ඉංජිනේරුවෝ පැවැසූහ.