(සුජිත් හේවාජුලිගේ)

මරණීය දණ්ඩනය නියම වීමෙන් පසු වැලිකඩ බන්ධනාගාරයට ඊයේ රාත්‍රි රැගෙන ආ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් මූලික පියවර ලෙස වෛද්‍ය පරීක්ෂණයකට යොමු කෙරෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් අනුරුද්ධ ගජනායක මහතා පැවසීය.

දෙදෙනා මරණීය දණ්ඩනයට නියමව සිටින හෙයින් වැඩ කණ්ඩායම්වලට යොමු කිරීමක් නොකෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර පවුල්වල ඥාතීන්ට දෙදෙනා මාසයකට වතාවක් බැලීමට අවස්ථාව ලැබෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.

පූජිත ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට විශේෂ පහසුකම් ලබා දීමක් නොකෙරෙන අතර මරණීය දණ්ඩනය නියමව සිටින සෙසු සැකකරුවන්ට ලැබෙන පහසුකම් පමණක් ලබාදීම කෙරෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.