
(රංජිත් රාජපක්ෂ)
බලංගොඩ සිට බගවන්තලාව හරහා මහනුවර දක්වා ධානයව වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔය අසළට පෙරලිමෙන් එම මෝටර් රථයේ ගමන් ගත් එක් අයෙකු එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වී කාන්තාවන් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මූලික රෝහලට (17) දින ඇතුළත් කළ බව බගවන්තලාව පොලීසිය කියයි.
හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ ටින්සින් කම්බිපනස්එක ප්‍රදේශයෙදි උදෑසන මෙම අනතුර සිදුව තිබේ.
මෝටර් රථය අනතුරට පත් වන අවස්ථාවේ එහි සිව් දෙනෙකු ගමන් කර ඇති අතර, රියදුරා ආසන පටි ගලවා මෝටර් රථයෙන් ඉවතට විත්, අනතුර පිලිබද බගවන්තලාව පොලිසිය වෙත දැනුම් දි ඇත.
අනතුරින් මිය ගිය පුද්ගලයා සහ තුවාල ලබා සිටි තිදෙනා මෝටර් රථය තුල සිරවී සිටි බවත්, පසුව අවට වතු කම්කරුවන් සහ පොලිස් නිළධාරින් දැඩි පරිශ්‍රමයක් දරා මළසිරුර සහ තුවාලකරුවන් ඉවතට ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd