
(ගයාන් සූරියආරච්චි)
ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධා ක්‍රිෂ්ණත් මහතා හෙට (19) සහ අනිද්දා (20) ලංකාවේ නිල සංචාරයක නිරත වන අතර ඒ සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව කොළඹ රථ වාහන කොට්ඨාශය පවසයි.
ඒ අනුව රාධා ක්‍රිෂ්ණත් මහතා හෙට \උදෑසන කටුනායක ගුවන් තොටුපළට ළඟා වීමට නියමිත අතර කටුනායක කොළඹ අධිවේගී මාර්ගය ඔස්සේ ඔරුගොඩවත්ත මං සන්ධියට පිවිස බේස් ලයින් මාර්ගය ඔස්සේ ඩී.එස්.සේනානායක හන්දියෙන් හැරී හෝටන් පෙදෙස ඔස්සේ නෙළුම් පොකුණ හන්දිය හරහා මල් පාර හන්දියේ ප්‍රදේශ ඔස්සේ ගාලු පාරට පිවිස ගාලු මුවදොර හරහා ටජ් සමුද්‍රා හෝටලයට පැමිණීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.
ප්රභූවරයා ගමන් ගන්නා කාලය අතරතුරදී අවස්ථානුකූලව (19) සහ (20) දිනවලදී ඉහත මාර්ගවල ගමනා ගමනය සීමා කරනු ඇති බවත් ඒ සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලිසිය ජනතාවට දන්වා සිටි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd