
(ටී.කේ.ජී.කපිල )
ඉන්දියාවේ නවදිල්ලි නුවරදි අත්අඩංගුවට ගත් සනත් ද සිල්වා නොහොත් " S.F. රාජු " නැමැත්තා ඊයේ රාත්‍රී ඉන්දියාවේ සිට විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ .
" S.F. රාජු " ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන කරන්දෙණිය සුද්දා ගේ සොහොයුරෙකි .
රාජු මීටියාගොඩ , කරන්දෙණිය , ඇල්පිටිය සහ බලපිටිය පොලිස් බල ප්‍රදේශ තුළ මනුෂ්‍ය ඝාතනය , මනුෂ්‍ය ඝාතන සදහා තැත් කිරීම සහ ඒ සදහා ආධාර අනුබල ලබා දීම ඇතුළු තවත් චෝදනා රාශියකටම , එම ප්‍රදේශවල අධිකරණ සදහා අවශ්‍ය පුද්ගලයකු වන අතර ඔහුට එරෙහිව මේ වනවිට විවෘත වරෙන්තු 16 ක් , ගුවන් ගමන් තහනම් 24 ක් මෙන්ම ජාත්‍යන්තර පොලීසියේ රතු නිවේදන ද ලැබූවෙකි .
මොහු ඉන්දියාව වෙත පළා ගොස් නවදිල්ලි නුවර රැදී සිටියදී , එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd