(ප්‍රදීප් කුමාර)

මේ දින වල උතුරු පළාතට බල පා ඇති දැඩි වියළි කළාගුණය සමග යාපනය ඩෙල්ෆ් දුපත ආශ්‍රිතව ජිවත් වන පෝනි අශ්වයන් ඇතුළු සෙසු සදහා අවශ්‍ය ජලය සපයා දීමට නාවික හමුදාව  එම ප්‍රදේශයේ පොකුණු නිර්මාණය කොට ඒවාට ජලය පිරවීම ආරම්භ කර තිබේ.

පවතින දැඩි නියං කාලගුණය සමග යාපනය ඩෙල්ෆ් දුපත ආශ්‍රිතව ඇති සියලු ජල මුලාශ්‍රා සිදී ගොස් ඇති අතර මේ හේතුවෙන් ඒ අවට සිටින වන සතුන් උග්‍ර ජල හිගයකට මුහුණ දි සිටියහ.

ඒ අනුව එම වන සතුන් ආරක්ෂා කර ගැනීම සදහා මෙම වැඩසටහන නාවික හමුදාව මගින් ක්‍රියාත්මක කොට තිබේ.

උතුරු නාවික විධානයේ ආඥාපති වරයාගේ අධීක්ෂණය යටතේ නාවික නෞකා "වසභ" ආයතනය මගින් මෙම වැඩසටහන ක්‍රියාවට නැන්වනු ලබයි.