(එම්.සුසිල් පියන්ත)

රුපියල් ලක්ෂ තිහක් පමණ වටින මත් කුඩු තොගයක් සමග පාතාල කණ්ඩායම් නායක සමන් කොල්ලාගේ ගෝලයකු අම්බලන්ගොඩ දේවගොඩදී සැකපිට අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්ධන අංශය කියයි.

අම්බලන්ගොඩ දේවගොඩ පදිංචි විසිතුන් හැවිරිදි සැකකරු මීට පෙරද මත් කුඩු ළඟ තබා ගැනීමේ චෝදනාව මත බලපිටිය මහාධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාරගත කොට මීට මාස කිහිපයකට උඩදී ඇප ලබා පැමිණි අයෙකු බවද පොලීසිය කියයි.

සැකකරු සමන් කොල්ලා සපයන මත් කුඩු ඊෂි කෑෂ් කමයට අලෙවි කරන බවත් එසේ ඊෂි කෑෂ් කමයට අලෙවි කිරීමට සූදානම් කොට තිබූ මත් කුඩු තොගයක් මෙසේ සැකකරුගේ නිවස පිහිටි අම්බලන්ගොඩ දේවගොඩදී අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.