
(කේ. බුද්ධික කුමාරසිරි)
ආබාධිත පුද්ගලයින් සඳහා පතුල් පහල ප්‍රමුඛතා බස්රථ සේවාවක් නියමු ව්‍යාපෘතියක් ලෙස ලබන 21 දින සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට ක්‍රියාත්මක කිරීම ප්‍රවාහන,මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
‘සැමට සම අවස්ථා සහ මානව ගරුත්වය සුරක්ෂිත කරන රටක්’ යන රජයේ දැක්ම අනුව ආරම්භ කළ මෙමෙ වැඩසටහන සඳහා රුපියල් මිලියන 430.7 මූල්‍ය ප්‍රතිපාධන යොදාගෙන ඇති අතර මෙය ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් ක්‍රියාත්මක වන තවත් සුවිශේෂි ව්‍යාපෘතියක් වේ.
මෙහි පළමු අදියර යටතේ රෝද පුටු භාවිතා කරන්නන්ට ඉතා පහසුවෙන් ලඟා විය හැකි පතුල පහළ විශේෂ වර්ගයේ නවීන වායු සමනය කළ විශේෂ බස් රථ 10 ක් සේවාවේ යෙදීමට නියමිත වේ.
මෙම එක් බස් රථයක එකවර මගීන් 80 ට ගමන් කල හැකි අතර මෙය ආසන 33 කින් සමන්විත වේ. රෝද පුටු භාවිත කරන්නන්ගේ ආරක්ෂාව උදෙසා විශේෂිත තාක්ෂණික අංග වලින් සමන්විත වේ.
මාකුඹුර සිට පිටකොටුව දක්වාත්,මාකුඹුර සිට කඩවත දක්වාත් පෙරවරු හා පස්වරු කාලයේ විනාඩි 40 ට වරක් මෙමෙ බස් රථ ධාවනය වීමට නියමිතයි.
විශේෂයෙන්ම මහරගම අපේක්ෂා රෝහල ඇතුළුව කොළඹ ජාතික රෝහල යන ප්‍රධාන සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන ආවරණය කරමින් ධාවන කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd