
(ගයාන් සූරිය ආරච්චි)
වෙළඳ සලක බඩු සොරකම් කළ බව කියන කාන්තාවකගේ හිස කෙස් කතුරකින් කපන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වීමෙන් පැය 24 ක් යාමට මත්තෙන් කොණ්ඩය කැපූ බව කියන ප්‍රධාන සැකකාරිය ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තෑගි බඩු අලෙවි කරන වෙළෙඳසලක හිමිකාරිනිය ඇතුළු සේවකයන් පිරිසකි.
එම වෙළෙඳ සලේ භාණ්ඩ සොරකම් කළ බව කියන කාන්තාව එම වෙළඳසැලේ සේවකයන් පිරිසක් ඉකුත් 7 වැනිදා රාගම පොලිසියට බාර දී තිබූ අතර සැකකරුවන් එම කාන්තාවගේ හිස කෙස් කැප වූ බවට කිසිදු තොරතුරක් පොලිසියට අනාවරණය වී නොතිබුනු බව පොලිසිය කියයි.
කෙසේ වෙතත් එම කාන්තාවගේ හිස කෙස් කපන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ පළවීමත් සමග කැලණිය කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක මහතා වහාම ක්‍රියාත්මක වී ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස රාගම පොලිසියට දැනුම් දී තිබුණි.
ඒ අනුව ක්‍රියාත්මක වූ රාගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම කාන්තාවගේ හිස කෙස් කපන ප්‍රධාන සැකකාරිය ඇතුළු පස් දෙනකු පැය විසි හතරක් යාමට මත්තෙන් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩු සොරකම් කිරීමට රුපියල් 500-750 ක දඩයක් වගේ දඬුවමක් නියම වෙද්දී, ශාරීරික වද හිංසාවට, බලෙන් රඳවා තබා ගැනීමට සහ මේ සම්බන්ධ අනිකුත් චෝදනා වලට මාස 3-6 සිර දඬුවමක් ලැබෙන්න ඉඩ තියනවා.
කුමන හේතුවක් නිසා හෝ නීතිය අතට ගත යුතු නෑ. එලෙස වූවොත් රට අනීතික වනු ඇත.
හොද වැඩේ... හොරකම් කරොත් පොලිසියෙන් හා නීතියෙන් දඩුවම් කරයි.
නියමයි, නීතිය අතට ගෙන ඒ කාන්තාවට අමානුෂිකව සැලකූ අයට උපරිම දඬුවම් දෙන්න ඕනෑ.
පොලිසිය බබාලානේ ඒක නොදැක ඉන්න.