( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව කරඹෑව ප්‍රදේශයේ අවුරුදු උත්සවයක් අතර තුරදී ඇතිවු ගැටුමකින් තුවාල ලැබු හත් දෙනෙකු ආණමඩුව මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය පවසයි.

මෙම අවුරුදු උත්සවය  ඊයේ(18) ගම්වාසින් විසින් සංවිධානය කර තිබු අතර එහිදි පැරණි ආරවුලක් මුල් කර ගනිමින් දෙපිරිසක් විසින් උණුසුම් තත්වයක් මතුවිමේන් පසු එය ගැටුමක් බවට පරිවර්තනය වී ඇති බව පොලිසිය කල මූලික විමර්ශන වලිදි හෙළිව තිබේ.

අදාල ගැටුම සදහා කරඹෑව අවුරුදු උත්සවයට එක්වු 20 කට ආසන්න පිරිසක් එක්ව තිබු බවත් ගැටුමේන් දෙපාර්ශවයේම හත් දෙනෙකු තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුලත් කර තිබුණි.