(වසන්ත චන්ද්‍රපාල)

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්ත‍මේන්තු එක්ව 2026 අප්‍රේල් මස 01 සිට 15 දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදු  කළ මෙහෙයුම වලින් නීති විරෝධි ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදු කළ පුද්ගලයන් හතලිස් එක් දෙනකු සහ ඩිංගි යාත්‍රා 11 ට්‍රැක්ටර් රථ දෙකක් අත් අඩංගුවට ගෙන තිබේ.

ත්‍රිකුණාමලය චෙම්මලෙයි, චෙඩ්ඩිපලයාම්, එලිස‍බෙත් දූපත, ෆවුල් පොයින්ට්, ක්ලැපන්බර්ග් පොයින්ට්, උප්පුරාල්, නන්දිකඩාල් කලපුව, අලම්පිල්, අලියා දූපත, පුඩුවකට්ටු, පුත්තලම උච්චමුනෙයි සහ යාපනය කොමාර් පොයින්ට් වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, නැගෙනහිර, උතුර, වයඹ නාවික විධාන විසින් මෙම මෙහෙයුම සිදුකරනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්, මුහුදු කුඩැල්ලන්, වාණිජ පුපුරණ ද්‍රව්‍ය, තහනම් ධීවර ආම්පන්න, ට්‍රැක්ටර් රථ සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව්, කින්නියා, කොඩ්බේ, ඊච්චලම්පත්තු, කලවංචිකුඩි, කිලිනෝච්චිය, පුත්තලම යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලයන් වෙත සහ පුල්මුඩේ විශේෂ කාර්ය බළකාය වෙත භාරදීමට කටයුතු කර තිබේ.