(එම්.සුසිල් පියන්ත)

හිටපු ගාලු දිස්තික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු ගාලු දිස්ත්‍රික් සම්බන්ධිකරණ  කමිටු සභාපති සම්පත් අතුකෝරළ මහතා  තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කළ බව පිටිගල පොලීසිය කියයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ තියුණු ආයුධ ප්‍රහාරයට එල්ලවී ඇත්තේ පිටිගල බඹරවාන උස්බිම් ජනපදය ප්‍රදේශයේ දී බව ද පොලීසිය කියයි.

හිටපු මන්ත්‍රීවරයා තියුණු ආයුධ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා සැකපිට  ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බවත් ඔහු දමිළ ජාතිකයකු බවත් පොලීසිය කියයි.

සැකකරු අද(18) පස්වරුවේදී ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලීසිය කියයි.

පෞද්ගලික ආරවුලක් මත හිටපු මන්තීවරයාට මේ තියුණු ආයුධ ප්‍රහාරය එල්ලවී ඇති බවද පොලීසිය කියයි.