ප්‍රභූවරයෙකුගෙන් රාජකාරියක් කර ගැනීමට ගිය අයෙකු නිවසේ පිවිසුම් දොරටුව ඉදිරියේ එළා තිබුණ ගම්මිරිස් පැදුර පාපිස්සකැයි සිතා කටයුතු කරන්නට ගොස් මහත් අකරතැබ්බයකට මුහුණ දුන් සිද්ධියක් මෙසේ වාර්තාවේ.

සිද්ධිය මෙසේය.


ඔහු එක්තරා රාජකාරියක් කර ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ පිළිබඳ අවබෝධයක් ඇති මෙම ප්‍රභූවරයා හමුවීමට දිනයක් හා වෙලාවක වෙන් කරගෙන තිබිණ. නියමිත දින දහවල් 12.00ත් 1.00ත් අතර එම නිවසට එන ලෙස ප්‍රභූවරයා ඔහුට පවසා තිබිණි.


ඒ අනුව ඔහු නියමිත වෙලාවට එහි ගියේ මේ දිනවල එම ප්‍රදේශයට ඇති අධික අව්රශ්මිය සහිත කාලගුණය පැවති අවස්ථාවක වුයෙන් ඔහුගේ දෑස් ඒ ගිනි ගහන අව්වෙන් නිලංකාර වී තිබිණි.
නිවස ඉදිරිපිට යතුරු පැදිය නවතා ඉන් බැසගත් හෙතෙම එම නිවසට ඇතුළුවන ප්‍රධාන දොරටුව වෙත යද්දී අලුත්ම පාපිස්සක් එළා තිබෙනු දුටුවේය.


කිසිම පැකිලීමක් නැතිව කළු පැහැතිව තිබුණ එයට නැග පාවහන් වල තිබුණ වැලි දූවිලි ගසා දමමින් දෙතුන් පාරක්ම දෙපා බිම ගසන්නට විය.


එහෙත් ඔහුට අමුත්තක් දක්නට ලැබුණේ පාපිස්සේ තිබූ කුඩා ඇට විශේෂයක් සීසිීකඩ විසිර යනු දැකීමෙනි. පාපිස්සෙන් මෑත්ව විපරම් කරන විට ‘දෙයියෝ සාක්කි ගම්මිරිස්” යැයි ඔහුට කියැවිණි.
ගෙතුළ සිට ප්‍රභූවරයා එතැනට පැමිණ සිද්ධිය දැක කරුණ තේරුම්ගත් අතර දෙදෙනාම මහත් අකරතැබ්බයකට මුහුණ දුන්හ.


‘වරද මගේ අතේ මම ඒක පිළිගන්නවා. අව්වේ ඇවිත් මගේ ඇස් පේන්නේම නැතිව ගියා’ යැයි අත් වැරදීම සිදුවූ අය කියන්නට විය. ගම්මිරිස් වේළාගැනීමේදී ඒවා සතුන්ගෙන් ආරක්‍ෂා කර ගැනීමට ගෙහිමියා ගෙට ඇතුළුවන ස්ථානය මෙසේ තෝරාගෙන තිබුණත් මෙවැනි දෙයක් සිදුවන බව ඔහුද තුන්හිතකින්වත් අපේක්‍ෂා නොකළේය.


කරුණු වටහාගත් ඔහු

‘ඕක ගණන් ගන්න එපා මේවාට කියන්නේ අත් වැරැදි නෙවෙයි පය වැරැදි’ යැයි ගෙහිමියාට පැවසූ දෙදෙනාම විසිරගිය ගම්මිරිස් ඇට එකතු කළ බව කියති.
(හිඟුරානේ නවරත්න සමරතුංග)