ටොම් විල්කිංසන් සමුගනී සම්මානනීය ජනප්‍රිය බ්‍රිතාන්‍ය නළු ටොම් විල්කිංසන් අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 75 කි. 01 January 2024
ඉන්දීය කර්මාන්ත ශාලාවක ගින්නක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කර්මාන්තශාලාවක හටගත් ගින්නෙන් එහි සේවකයෝ 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 01 January 2024
රුසියාව දෙකඩ කරන්න බෑ - පුටින් ඕනෑම අභියෝගයනට මුහුණ දීමට රුසියාව සූදානම් බවත්, රුසියාට ශක්තිමත් හමුදාවක් සිටින බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. 01 January 2024
ලෝකවාසීහු 2024 පිළිගනිති මල් වෙඩි සංදර්ශන, ගිණිකෙළි සංදර්ශන මැද, ලෝකවාසීන් 2024 නව වසර පිළිගත්තේය. සුපුරුදු පරිදි, මුලින්ම, නව වසර සැමරූ ප්‍රධාන රාජ්‍යයක් වන්නේ නවසීලන්තයයි. 01 January 2024
හමාස් ප්‍රහාරවලින් ඊශ්‍රායල සෙබළු 500 ක් මියයති හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරවලින් මියගිය ඊශ්‍රායල හමුදා සෙබළුන් ගණන 500 තෙක් ඉහළ ගොස් ඇතැයි ඊශ්‍රායල රජය නිකුත් කළ නිවේදනයක දැක්විණි. 29 December 2023
බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ රුසියන් තානාපති කාර්යාලයක් වසර 30 කට පසු, බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ රුසියන් තානාපති කාර්යාලයක් විවෘත කෙරුණි. වසර 30 කට පසු, බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ රුසියන් තානාපති කාර්යාලයක් විවෘත කෙරුණි. මීට පෙර, බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ රුසියන් තානාපති කාර්යාලයක් පිහිටුවා තිබුණේ සෝවියට් සමූහාණ්ඩුව පැවැති අවධියේදීය. තානාපති සබඳතා බිඳ වැටුණේ සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසුවය. 29 December 2023
යුද්ධය මැද සිවු නිවුන් දරු උපතක් ඊශ්‍රායල ප්‍රහාර මැද, පණ බේරා ගෙන, ගාසා තීරයේ දකුණු දෙසට පලා ගිය ගැබිනියක සිවු නිවුන් දරුවන් බිහි කර ඇතැයි පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පවසති. 29 December 2023
තවත් ප්‍රාන්තයක් ට්‍රම්ප්ගේ අපේක්ෂකත්වය අත්හිටුවයි 2024 වසරේ පැවැත්වෙන ඇමෙරිකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින, රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවීමට එරට තවත් ප්‍රාන්තයක් පියවර ගෙන තිබේ. 29 December 2023
ව්‍යාඝ්‍රයා බලන්න බුරුතු පිටින් ඇවිල්ලා ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ, ඇට්කොනා නමැති කුඩා ගම්මානයේ වැසියන් උදෑසන අවදි වූයේ මහත් පුදුමයෙන් සහ කලබලයෙන් යැයි ඉන්දීය මාධ්‍ය උපුටා දක්වමින්, ඬේලිමේල් වෙබ් අඩවිය පවසයි. 28 December 2023
අගමැති නෙදන්යාහු හිට්ලර්ට දෙවැනි නෑ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හිට්ලර්ට සමාව බව තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසයි. 28 December 2023
ෂකිරාගේ පිලිමයක් ලොව අතිශය ජනප්‍රිය, සුරූපී සුපිරි ගායිකා ෂකිරාගේ මීටර් 6.5 ක් උස ප්‍රතිමාවක්, ඇයට ගරු කිරීමක් ලෙස ඉදිකර, නිරාවරණය කිරීමට කොලොම්බියාවේ, බැරැන්කිලා නගර බලධාරීහු කටයුතු කළහ. ෂකිරාගේ උපන් නගරය වන්නේ බැරැන්කිලාය. 28 December 2023
පුටින්ගෙන් මෝදිට ඇරැයුමක් රුසියාවේ නිල සංචාරයකට එන්නැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඇරැයුම් කර තිබේ. 28 December 2023
සුපිරි නළු විජයකාන්ත් කොරෝනා වැලඳී මරුට ජනප්‍රිය කොලිවුඞ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්‍රාප්ත විය. 28 December 2023
‘පැරසයිට්’ චිත්‍රපටයේ ලී සුන් කියාම් මියයයි 2019 වසරේ, ඔස්කාර් සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට වූ ‘පැරසයිට්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ දුන් දකුණු කොරියානු නළු ලී සුන් කියාම් මියගිය බව විදෙස් මාධ්‍ය පවසයි. 27 December 2023
නවදිල්ලියට ඝන මීදුමක් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඝන මීදුමකින් වැසී ඇතැයි එරට මාධ්‍ය පවසයි. ඝන මීදුම හේතුවෙන්, අගනුවර ගමනා ගමන කටයුතු මුළුමනින්ම අඩපණ වූ අතර, ගුවන් ගමන් 110 ක් අවලංගු කෙරුණි. 27 December 2023
නිවෙස් අහිමි පිරිස සියයට 40 කින් වැඩිවෙලා ගතවුණු වසර පහක කාලයේ, නිවසක් නැති එංගලන්ත වැසියන් ගණන සියයට 40 කින් ඉහළ ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ. එංගලන්ත මාධ්‍ය මෙසේ වාර්තා කළේ සිදු කළ නවතම සමීක්ෂණයකින් පසුවය. 27 December 2023
ඊශ්‍රායල හමාස් යුද්ධය මාස ගණනක් දිග්ගැස්සේවි ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ආරම්භ කළ යුද්ධය දැන්ම අවසන් නොවනු ඇති බවත්, එය තවත් මාස ගණනක් දිග්ගැස්සෙනු ඇති බවත් ඊශ්‍රායල හමුදා ප්‍රධානී හෙරිස් හැලේවි පවසයි. 27 December 2023
පාකිස්තාන අගමැති උපදේශක ධුරයෙන් නෙරපයි පාකිස්තාන භාරකාර අග්‍රාමාත්‍ය අන්වාර් උල් හක් කහාර්ගේ උපදේශක ලෙස කටයුතු කරමින් සිටි අහද් චීමා එම ධුරයෙන් නෙරපා දැමීමට පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්වි පියවර ගෙන ඇතැයි හරට මාධ්‍ය පවසයි. 27 December 2023
ඉන්දීය විදේශ ඇමැති රුසියාවේ නිල සංචාරයක ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සිවුදින සංචාරයක් සඳහා රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණියේය. 27 December 2023
ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන හමුදා නිලධාරියෙක් මරුට ඊශ්‍රායලය සිරියාවට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින්, තම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු ජීවිතක්ෂයට පත් වුණු බව ඉරාන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 26 December 2023
ලෝක බැංකුවෙන් බිලියන 1.34 ක් යුක්රේනයට රුසියන් ප්‍රහාරවලින් බැටකන යුක්රේනයට, ඇමෙරිකන් ඩොලර් බිලියන 1.34 ක මුදල් ආධාර පැකේජයක් හිමිවිය. 26 December 2023
නයිජීරියාවේ ප්‍රහාර මාලාවක් මධ්‍යම නයිජීරියාවේ නගර රැසකට කඩා වැදුණු සන්නද්ධ කල්ලි සාමාජිකයටන් පිරිසක් කළ වෙඩි තැබීම්වලින් 113 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරවලට හමුවී තුවාල ලැබූ ගණන 300 කි. කාන්තාවන් සහ කුඩා දරුවන් ඒ අතර සිටින බව නයිජීරියා ආරක්ෂක අංශ පවසයි. 26 December 2023
අතුරුදන් වුණු රුසියන් විපක්ෂ නායකයා ඉන්නවා සිර දඬුවම් විඳිමින් සිටියදී අතුරුදන් වූ රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි යහතින් සිටින බවත්, බන්ධනාගාර බලධාරීන් ඔහු ආක්ටික් කලාපයේ රුසියාවට අයත් වෙනත් බන්ධනාගාරයට මාරු කර ඇති බවත් නෙවල්නිගේ නීතීඥවරු පවසති. 26 December 2023
හමාස් සටන්කාමීන්ට එරෙහි සටන දැන්ම අවසන් වෙන්නේ නෑ ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ආරම්භ කළ සටන දැන්ම අවසන් නොවනු ඇති බවත්, ඉදිරියේදී හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර තව තවත් වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි. 26 December 2023
වසර 72 කට පසු බෙයිජීං නුවරට දැඩි සීතල කාලගුණයක් චීනයේ බෙයිජීං අගනුවර උෂ්ණත්වය වාර්තාගත ආකාරයට පහළ ගොස් තිබේ. 25 December 2023
මැතිවරණය දූෂිතයි: සර්බියාවේ විරෝධතා සර්බියා මහ මැතිවරණයේ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරමින්, සර්බියා විපක්ෂ ක්‍රියාකාරීහු, එරට බෙල්ග්‍රේඞ් අගනුවර නගර සභා කාර්යාලයට පහර දෙමින් ඊට කඩා වැදුණාහ. 25 December 2023
ප්‍රංශයේදී රඳවාගත් ගුවන් යානයට යන්න අවසර ප්‍රංශයේදී රඳවා ගත් ඉන්දීය ගුවන් යානයට එරටින් පිටවීමට අධිකරණයේ අවසර හිමිවිය. යානයේ මගීන් 303 ක් සිටිති. 25 December 2023
යුක්රේනය පළමු වරට නත්තල නත්තල් දිනයේ සමරයි යුක්රේන ඕතඩොක්ස් කිතුනුවන්, දෙසැම්බර් 25 වැනිදා, නත්තල් දිනය දා, නත්තල සැමරීමට තීරණය කර තිබේ. 25 December 2023
නත්තල් දේව මෙහෙය: පාප්තුමෝ සාමය ඉල්ලති සුපුරුදු පරිදි, වතිකානයේ ශාන්ත පීටර්ස් බැසිලිකාවේ වාර්ෂික නත්තල් දින දේව මෙහෙය පවත්වමින්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා ලෝක සාමය ප්‍රාර්ථනා කළේය. 25 December 2023
නත්තල උදා වෙද්දී ඊශ්‍රායලය බෝම්බ දාලා නත්තලට පෙර දින සැන්දෑවේ, ඊශ්‍රායල ගුවන් හමුදාව, ගාසා තීරයේ අල් මගාසී සරණාගත කඳවුරට එල්ල කළ ප්‍රහාර මාලාවකින්, පලස්තීන වැසියෝ 70 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණු බව පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි. එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 100 කට වැඩිය. 25 December 2023
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026